The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'මට මැණික් ගඟ ළඟ ගෙදරක් නෑ' - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

T

The Leader Desk

October 14, 2025 • 7:18 PM

'මට මැණික් ගඟ ළඟ ගෙදරක් නෑ' - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
  • කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ.
  • ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ.
  • එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝඨාභය රාජපක්ෂ මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.


ගෝඨාභය රාජපක්ෂ හිටපුන් ජනාධිපතිවරයා මෙසේද කියයි.

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ.

 2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ.

එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි.

එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි.


ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා "ජී.රාජපක්ෂ" යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි.


මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි.

කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය" යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

(lankadeepa | අංජුල මහික වීරරත්න)

xfgher6

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...