The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වැඩි කරන්න ගිය විදුලි බිල අඩු කරපු හේතුව ?

T

The Leader Desk

October 15, 2025 • 7:10 AM

වැඩි කරන්න ගිය විදුලි බිල අඩු කරපු හේතුව ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
  • මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල 33%කින් අඩුවිය යුතු යි.
  • දක්වා 33%කින් අඩුවිය යුතු යි.
  • වත්මන් රජය විපක්ෂයේ සිටින විට කිව්වේ පසුගිය රජයේ අයි.
අකුරු ප්‍රමාණය (Font Size):


''ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව 6.8%කින් විදුලි බිල වැඩි කරන්න ගිය අවස්ථාවේ පසුගිය දිනවල තමා ඇතුළු සජබය විදුලි බිල වැඩි කළොත් රට වටේ ගොස් මහපාරට බහිනවා යැයි කියු නිසා අද උදේ පාන්දරම ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර තිබෙනවා.' යයි ඔහු කියා සිටියේ, ඊයේ මහනුවර දී මහනුවර දිස්ත්‍රික් සජබ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිම යි. මහජන උපයෝගීතා කොමිසම මේ ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර සිටිනවා. ආණ්ඩුවේ අසාධාරණ විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා. මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල 33%කින් අඩුවිය යුතු යි.

ආණ්ඩුව අයි. එම්. එෆ්. එකේ වහලකු වෙලා

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය මැතිවරණ වේදිකාවල කියූ ආකාරයට රු. 9000 බිල රු. 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් අඩුවිය යුතු යි. එසේ නොකළහොත් මෙරට ජනතාව සමඟ මහපාරට බැස අරගල කරනවා. විදුලි බිල වැඩි කරන්න යැයි රජයට බලපෑමක් එන්නේ අයි. එම්. එෆ්. එකෙන්. වත්මන් රජය විපක්ෂයේ සිටින විට කිව්වේ පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඔවුන් අදටත් ඒ ගිවිසුම වෙනස් කරේ නෑ. මොවුන් දුන් පොරොන්දු අමතක කර අයි. එම්. එෆ්. එකේ වහලකු වෙලා.

මේ රටේ ජනතාව දැන් ජීවත් වෙන්නෙ දැඩි පීඩනයකින්. අද රටෙන් 50%කටත් වඩා දුප්පත් වෙලා. මේ දුප්පත් ජනතාව මත විදුලි බිල වැඩි කර තවත් පීඩනයක් දෙන්න රජය කටයුතු කරනවා. ප්‍රායෝගික, සක්‍රීය, ඩීල් ගහන්නේ නැති, ජනතාව පාවා නොදෙන, ජනතාවාදී ජනහිතකාමී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටේ ජනතාවගේ මානව දේශපාලන අයිතිය සුරකිනවා.''

''සමගි ජන බලවේගය අවුරුදු හතරක් තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා''

2020 ආරම්භ වූ සමගි ජන බලවේගය මේ සිවු වසරක කාලය තුළ මෙරට විපක්ෂයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසී ය.

''රටේ වයසින් අඩු ප්‍රජාතන්ත්‍රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය යි. 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වූ සමගි ජන බලවේගය වසර 30ක් මැතිවරණ කළා යැයි සමහරු හිතා ගෙන හිටියට සමගි ජන බලවේගය මේ වන විට මුහුණ දීල තියෙන්නෙ මැතිවරණ 4කට පමණයි. මේ කාලය තුළ මෙරට විපක්ෂයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් සමගි ජන බලවේගය ඉටු කරා.''





මෙම පුවතට අදාල තවත් ලිපියක්

විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ ඇයි?


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...