The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අතුරුදහන් කිරීමකට රිමාන්ඩ් කර සිටි හිටපු නැව්පති දෙපලකට ඇප

T

The Leader Desk

October 15, 2025 • 5:25 AM

අතුරුදහන් කිරීමකට රිමාන්ඩ් කර සිටි හිටපු නැව්පති දෙපලකට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහලොස් වසරකට ඉහත දී පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපතිවරයා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට විදේශගතවීම තහනම් කරමින් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
  • සැකකරුවන් දෙදෙනා නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා එක් අයකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා මුදා හැරීමට නියෝග කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ පහලොස් වසරකට ඉහත දී අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.
  • ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පහලොස් වසරකට ඉහත දී පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපතිවරයා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට විදේශගතවීම තහනම් කරමින් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.


පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි මාස දෙක හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි ඇප මත නිදහස් කිරීමට ඔක්තෝබර් 14 වැනි අගහරුවාදා නියෝග කර ඇත්තේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසිනි.

සැකකරුවන් දෙදෙනා නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා එක් අයකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත ඔවුන්  දෙදෙනා මුදා හැරීමට  නියෝග කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025  ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ පහලොස් වසරකට ඉහත දී අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම  සම්බන්ධයෙනි.

 

2010 ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වුවකි.

ත්‍රිකුණාමලයේ භුගත ගන්සයිට් කඳවුර තමා බාරයේ පැවැතියත් එහි විශේෂ බුද්ධි ඒකකය නමින් හැදින්වෙන ඒකකයක් ක්‍රියාත්මක වු අතර එය නාවික හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද ඒකකයක් නොවන බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහත  නඩු වාරයකදී  අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන්ය.

 

ත්‍රිකුණාමයේ කුප්‍රකට ‘ගන්සයිට්’ භූගත වධකාගාරය නිරීක්ෂණයෙන් අනතුරුව එහි ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි ඒකකය සම්බන්ධයෙන් එවක අධ්‍යක්‍ෂ, නාවික බුද්ධි ලෙස නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාපතිවරයාට යවන ලද බව පැවසෙන ලිපියේ පිටපතක් 2024 ඔක්තෝබර් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වත්මන් නාවික හමුදාපතිවරයාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබුනන් එම වාර්තාව ලබා දීම නාවික හමුදාපතිවරයා විසින් දිගින් දිගටම මග හැර තිබුනි.

 

කෑගල්ලේ පදිංචිකාරයකු වු ශාන්ත සමරවීර අවුරුදු 15කට ඉහතදී පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ 'ගන්සයිට්' භුගත වධකාගාරයේ රඳවා තබා ගෙන අතුරුදහන් කිරීමට අදාල නඩුව 2025 ඔක්තෝබර් 08 වැනි බදාදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි විභාගයට ගැනුනු අවස්ථාවේදී පොල්ගහවෙල මහේස්ත්‍රාත් DRU උදුම්බරා දසනායක අධිකරණයට දැනුම් දී  සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින එම ලේඛන නාවික හමුදාව බාරයේ නොමැති බවට වත්මන් නාවික හමුදාපතිවරයා අධිකරණය දැනුම් දී ඇති බවයි.

ශාන්ත සමරවීර පැහැරගෙන ගොස්  අතුරුදහන් කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි  2025  සැප්තැම්බර් 18  වැනි දින සිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනි.

කුරුණෑගල මහාධිකරණය විසින් 2025 ඔක්තෝබර් 14 වැනි අගහරුවාදා නාවික හමුදා නිලධාරින් දෙදෙනාට ලබා දුන් ඇප නියෝගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කියවා හිටපු නාවික හමුදාපතිවරයා ඇප මත මුදා හැරීමට පියවර ගත්  බව ජනමාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ඉදිරිපත්ව සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටි බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...