The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අභියාචනාධිකරණය හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

October 15, 2025 • 12:16 PM

අභියාචනාධිකරණය හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා, අවසන් කිරීම ප්‍රමාද වී තිබිණ.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා කියා සිටියේ, නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි.
  • පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා, අවසන් කිරීම ප්‍රමාද වී තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා කියා සිටියේ, නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සුගන්තිකා පෙනී සිටියාය.

1 සිට 3 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ පෙනී සිටියේය.

නීතීඥ ෂිෆාන් මහරුෆ් සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ රුවන්ත කුරේ පෙනී සිටියේය.
b55bufhfghfgh

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...