The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන විශ්ලේෂණ කටයුතු ඇරඹීමට අධිකරණයෙන් නියෝග

T

The Leader Desk

October 15, 2025 • 2:52 PM

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන විශ්ලේෂණ කටයුතු ඇරඹීමට අධිකරණයෙන් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කර තිබේ.
  • අදාළ නඩුව (ඔක්තෝම්බර් 13 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මෙම නියෝගය නිකුත් කර තිබේ.
  • කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයන් 106 දෙනෙකුට අදාළ අස්ථි කොටස් සොයා ගෙන ඇත.
  • මෙලෙස ගොඩගන්නා ලද අස්ථි කොටස්වල පරීක්ෂණවලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු දෙනා එක්ව සාකච්ඡාවක් සිදු කළ යුතු යැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කර තිබේ.

අදාළ නඩුව (ඔක්තෝම්බර් 13 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයන් 106 දෙනෙකුට අදාළ අස්ථි කොටස් සොයා ගෙන ඇත.

මෙලෙස ගොඩගන්නා ලද අස්ථි කොටස්වල පරීක්ෂණවලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු දෙනා එක්ව සාකච්ඡාවක් සිදු කළ යුතු යැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල්ගේ උපදෙස් මත අධිකරණයේ පෙනී සිටි නීතිඥ වොෂාන් හේරත් ඉල්ලීමක් කර ඇති අතර ඊළඟ නඩු වාරයේ දී එම ඉල්ලීම සම්බන්ධව තීන්දුවක් ලබා දීමට නියමිතව තිබේ.

කොළඹ වරායෙන් හමුවූ සමූහ සුසානයේ කැණීම් කටයුතු මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙහෙයවනු ලැබූ අතර අධිකරණ වෛද්‍ය කටයුතු භාරව වෛද්‍ය සුනිල් හේවගේ විසින් කටයුතු කරනු ලබයි.

කොළඹ වරාය පරිශ්‍රයෙන් මිනිස් අස්ථි කොටස් මතු වෙයි

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජූලි මස 13 වන දා මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව එවක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරුවරයා ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වන දා පළමු වරට මිනීවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

කොළඹ වරාය භූමියෙන් ගොඩගන්නා ලද මිනිස් සිරුරු සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කර තිබේ.

dtwer23| කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයන් 106 දෙනෙකුට අදාළ අස්ථි කොටස් සොයා ගෙන ඇත
කැණීම් ඉදිරියට යන සුසාන භූමි තුනක්

යාපනය, චෙම්මනියෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු ද ඉදිරි කටයුතු සඳහා මුදල් ලැබෙන තුරු මේ වන විට නවතා දමා තිබේ. එය යළි ආරම්භ කිරීමට නියමිතය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ, බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි නිලධාරින් පිරිසකට හිස් කබලක් ඇතුලු ඇටකටු හමුව තිබුණේ ජුලි 20 වැනිදා ය.
එම භුමියේ කැණීම් කටයුතු සිදුකර විමර්ශනය කිරීමට මුතූර් මහේස්ත්‍රත් අධිකරණය අවසර ලබා දී ඇත.

ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් සමුහ ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ, කුරුක්කල්මඩම ප්‍රදේශයේ සමුහ මිනීවළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු මාසයේ දී කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඇස්තමේන්තුව මේ වන විට මුදල් අමාත්‍යංශයට සහ අධිකරණ අමාත්‍යංශයට යොමුකර තිබේ.

| බීබීසී සිංහල සේවය
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන විශ්ලේෂණ කටයුතු ඇරඹීමට අධිකරණයෙන් නියෝග | The Leader