ප්‍රශ්නවලට විසඳුම් සැපයීම සඳහා වන එකතු වීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
''ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න'' යයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම් බවත් එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බවත් මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නොව ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට එකතු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තව දුරටත් පැවසීය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඕනෑ ම ලිට්මස් පරික්ෂණයකට සූදානම්
''සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමග සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම්. සමගි ජන බලවේගය: ප්‍රතිපත්ති ගරුකව, සමගි ජන බලවේගයේ නායකත්වයෙන්, ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම්. එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරනවා.
මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නෙවෙයි; ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට වන එකතුවක්. මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන්න. මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම්; ඕනෑම මත විමසුමකට සූදානම්; ඕනෑ ම ලිට්මස් පරික්ෂණයකට සූදානම්.
විදුලි බිල වැඩි කිරීම නතර වුණේ අපේ බලපෑම නිසා
මේ රට බංකොලොත් කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ සමගි ජන බලවේගය යි. එදා සමගි බුද්ධි මණ්ඩපය සහ නීතිඥයන් එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තීන්දුව ගත්තේ සමගි ජන බලවේගය යි. රට බංකොලොත් කළ අය අධිකරණය හමුවේ අනාවරණය කළේ සමගි ජන බලවේගය යි. සමගි ජන බලවේගය කතා කළ නිසා විදුලි බිල වැඩි කිරිම නතර කිරිමට රජයට සිදු වුණා.
33%කින් විදුලි බිල අඩු කරනවා කියූ වත්මන් රජය අයි. එම්. එෆ්. එකේ පදයට නටමින් විදුලි බිල වැඩි කිරිමට ගිය අවස්ථාවේ එයට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය යි. ඒ නිසා විදුලි බිල මාස 3කට වැඩි කිරිම නතර වුණා. රජය කියූ 33% විදුලි බිල අඩු කිරිමට බල කරමින් ඉදිරියේ දී ජනතාව සමඟ අරගල කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම නැති කළ යුතු ම යි
පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිනවා. වසරක තිහක යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් වගේ ම මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ද හොඳ දෙයක්. මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්නේ කවුරු වුණත් රටට හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
අද පාසල් පද්ධතියේ සිදු වන ඊෂි කෑෂ් හරහා කෙරෙන කුඩු ව්‍යාප්තිය නතර කළ යුතු යි.
2028 ණය ගෙවන්න නම් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය යි
මේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න රජයට වැඩපිළිවෙළක් නැහැ. එසේ නොවුවහොත් 2028 ණය ගෙවන්න නොහැකිව අමාරුවෙ වැටෙනවා. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයක ම සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය යි.
1987 ජගත් නිවාස වසරක් නිර්මාණය වී නිවාස දස ලක්ෂය පහලොස්ලක්ෂය නිර්මාණය වුණා උදා ගම්මාන 2500 වැඩසටහන ආරම්භ වී 300 ගාණක් විවෘත කළා. 2500 හදනවා කිය කියා කොළ කෑලි බෙදුවේ නැහැ.''





