The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මනූෂ නානායක්කාරට ඇප

T

The Leader Desk

October 15, 2025 • 3:16 PM

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මනූෂ නානායක්කාරට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔක්.
  • ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියම කළේ ය.
  • එසේ ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පැනවීය.
  • 'අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවමයි' ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔක්. 15 නියම කළේ ය.

කොමිෂන් සභාවේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියම කළේ ය.

එසේ ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පැනවීය.

'අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවමයි'

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්. 14 දින මෙම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ය.

අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කාර මනූෂ්‍ය නානායක්කාර ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බව එහි අවසන් පිටුව කියවමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව සැකකාර හිටපු අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් ම අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය. එහිදී ඔහු අත්අඩංගුවට පත් විය.

එවැනි වාතාවරණයක් තුළ මෙම සැකකරු අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවම මට්ටමක පවතින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, පැමිණිල්ල සහ විත්තිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු විශ්ලේෂණය කරමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රත්වරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා කැඳවීමට දින නියම විය.

චෝදනාව කුමක් ද?

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී තමන්ට දේශපාලනික වශයෙන් හිතවත් පුද්ගලයින් යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණය නමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ඇමති මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

(බීබීසී සිංහල)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...