පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර දී ඇති බව ය.
එක් සැකකරුවෙකු ගම්පහ දිසා අපරාධ කොට්ටාසයට ත් තවත් සැකකරුවෙකු පෑලියගොඩ අපරාධ කොට්ටසය වෙතටත් භාර දුන් බව ඔහු පැවසීය.
ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති මුහුණ හඳුනා ගැනීමේ ස්කෑන් පරීක්ෂාවේදී (Facial Recognition) ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාව තහවුරු කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
දින 4ක මෙහෙයුමක්...
ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කී ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී පසුගිය දා අත්අඩංගුවට ගැනිණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මාධ්‍ය වෙත පැවසුවේ නේපාලයේදී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
"මීට දවස් 4කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ," අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ගනේමුල්ල සංජීව ඝාතනය සහ ඉෂාරා සෙව්වන්දි
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන 'ගනේමුල්ල සංජීව' 2025 වසරේ පෙබරවාරි මස 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පළා ගොස් තිබිණි.
ගනේමුල්ල සංජිව නමැත්තා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ගිනි අවිය 'දණ්ඩ නීති සංග්‍රහය' තුළ සඟවා අධිකරණ භුමිය තුළට ගෙනවිත් වෙඩික්කරු වෙත ලබා දී තිබුණේ ඉෂාරා සෙව්වන්දි බවට පොලිස් විමර්ශකයින් අනාවරණය කර ගෙන තිබිණි.
පසුව සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් සිදු කළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.
එලෙස විමර්ශන කටයුතු සිදු කළ ද ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 8කට පසුව ඇය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
සෙව්වන්දිට රැකවරණය දුන් පුද්ගලයාත් අත්අඩංගුවට
මේ වන විට විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ ය.
"මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන 40ක් පමණ නිකුත් කරලා තියෙනවා. මේ වසරේදී දැනට රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් සහ සැකකාරියන් 18 දෙනෙකුව ශ්‍රී ලංකාවට රැගෙන එන්න පොලිසියට හැකිවෙලා තියෙනවා.''
"පොලිස්පතිවරයාගේ අධීක්ෂණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් නේපාලයට ගිහින් අපට අත්‍යවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකි වුණා.''
"ඉෂාරා සෙව්වන්දි නමැති මෙම සැකකාරියට රතු නිවේදන නිකුත් කර තිබුණා. ඇය අත්අඩංගුවට ගන්න නේපාලය රජයේ සහ පොලිසියේ සහය ලැබුණා. මෙතැනදී අපි ගෞරවනීය ස්තුතියක් පුද කරන්න ඕන නේපාල රජයට වගේ ම එරට පොලිසියට.''
"මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමග තවත් ද්‍රවිඩ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඔහු තමයි ඇයට රැකවරණය ලබා දීලා තියෙන්නේ. මෙතැනදී තවත් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.''
"උදර්පණ නීතිය යටතේ ඔවුන් සියලු දෙනා ඉක්මනින් ම නැවත ලංකාවට රැගෙන එන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
(මුලාශ්‍රය - බීබීසී සිංහල )
නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා කොළඹ අපරාධ කොට්ඨාශයට
T
The Leader Desk
October 16, 2025 • 4:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.
- වුට්ලර් සඳහන් කළේ, ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර දී ඇති බව ය.
- එක් සැකකරුවෙකු ගම්පහ දිසා අපරාධ කොට්ටාසයට ත් තවත් සැකකරුවෙකු පෑලියගොඩ අපරාධ කොට්ටසය වෙතටත් භාර දුන් බව ඔහු පැවසීය.
- ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති මුහුණ හඳුනා ගැනීමේ ස්කෑන් පරීක්ෂාවේදී (Facial Recognition) ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාව තහවුරු කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



