The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

චීනයේ සිට ආ සැනින් අග්‍රාමාත්‍යවරිය ඉන්දීයාවේ නිල සංචාරයට පිටත් ව යයි

T

The Leader Desk

October 16, 2025 • 5:05 AM

චීනයේ සිට ආ සැනින් අග්‍රාමාත්‍යවරිය ඉන්දීයාවේ නිල සංචාරයට පිටත් ව යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
  • අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
  • මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
  • මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමෘද්ධිය උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම තහවුරු කරනු ලබන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

 

WhatsApp Image 2025 10 16 at 10.21.24 AM 1
මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත. මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිත ය.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ හින්දු විද්‍යාලය, දිල්ලි නැරඹීමට ද එක් වනු ඇත. 

එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමෘද්ධිය උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම තහවුරු කරනු ලබන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

බීජිං හි සිය නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණියේ පෙරේදා (14)  රාත්‍රියේ ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීනයේ සිට ආ සැනින් අග්‍රාමාත්‍යවරිය ඉන්දීයාවේ නිල සංචාරයට පිටත් ව යයි | The Leader