The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ශ්‍රී ලංකාවේ දී ප්‍රවේසම්වන්න'..! - ඇමරිකාවෙන් එරට සංචාරකයන්ට උපදෙස්

T

The Leader Desk

October 16, 2025 • 6:56 AM

'ශ්‍රී ලංකාවේ දී ප්‍රවේසම්වන්න'..! - ඇමරිකාවෙන් එරට සංචාරකයන්ට උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සිවිල් කැළඹීම්, ත්‍රස්තවාදී ක්‍රියා සහ බිම් බෝම්බ පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසු වන ලෙස එමගින් එක්සත් ජනපද පුරවැසියන්ට දැනුම් දී ඇත.
  • ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික සහ දේශපාලනික තත්ත්වය මත ඕනෑම අවස්ථාවෙක සිවිල් උද්ඝෝෂණ හට ගත හැකි බවත්, ඉතා කෙටි අනතුරු ඇඟවීම් මත හෝ, එසේ නොමැතිව, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වී ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් එම පුවත් පත සඳහන් කරයි.
  • පොලිසිය, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මගින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත්, කෙටි අනතුරු ඇඟවීමකින් පසුව හෝ එසේ නොමැතිව වුව, එම විරෝධතා භීෂණකාරී තත්ත්වයක් තෙක් වර්ධනය විය හැකි බවත්, එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
  • ඉකුත් බ්‍රහස්පතින්දා (09) සිදු කර ඇති එම යාවත්කාලීන කිරීමට අනුව, අදාළ උපදෙස්, තවදුරටත් "දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස" ට වන දෙවන මට්ටමේ (Level 2 ) පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සිවිල් කැළඹීම්, ත්‍රස්තවාදී ක්‍රියා සහ බිම් බෝම්බ පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසු වන ලෙස එමගින් එක්සත් ජනපද පුරවැසියන්ට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික සහ දේශපාලනික තත්ත්වය මත ඕනෑම අවස්ථාවෙක සිවිල් උද්ඝෝෂණ හට ගත හැකි බවත්, ඉතා කෙටි අනතුරු ඇඟවීම් මත හෝ, එසේ නොමැතිව, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වී ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් එම පුවත් පත සඳහන් කරයි.

පොලිසිය, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මගින්  විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත්, කෙටි අනතුරු ඇඟවීමකින් පසුව හෝ එසේ නොමැතිව වුව,  එම විරෝධතා භීෂණකාරී තත්ත්වයක් තෙක් වර්ධනය  විය හැකි බවත්, එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්, ශ්‍රීලංකාවේ සංචාරය කිරීම පිලිබඳ උපදෙස් සාරාංශ  යාවත්කාලීන කර ඇති බව එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් ය. ඉකුත් බ්‍රහස්පතින්දා (09) සිදු කර ඇති එම යාවත්කාලීන කිරීමට අනුව, අදාළ උපදෙස්,  තවදුරටත් "දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස" ට වන දෙවන මට්ටමේ (Level 2 ) පවතී.

(සටහන | Daily Mirror ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/16/2025

මුලාශ්‍රය :
US advises increased caution in Sri Lanka - Front Page | Daily Mirror

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...