The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රජය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සහතික කළ යුතුයි - දයාසිරි

T

The Leader Desk

October 16, 2025 • 11:32 AM

රජය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සහතික කළ යුතුයි - දයාසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ජීවිත අවදානම හෝ ආරක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කටයුතු කළ යුද වීරයන්ට ඉන්දියානු රජය සලකන්නේ ඉතාම ඉහළින් බවත් නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොසළකන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.
  • එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ඉන්දියාව රණවිරුවන්ට සළකන ආකාරයත්, ශ්‍රී ලංකාව සළකන ආකාරයත් අහසට පොළොව මෙන් අසමානතා පවතින බව පැහැදිලි කළේය.
  • යුද ජයග්‍රහණයෙන් පසු පාලන බලය ගෙනයෑමේදී යම් යම් වැරදි අඩුපාඩු එතුමා අතින් සිදුවන්නට ඇති.
  • නමුත් ඔහු ජනාධිපතිවරයා ලෙස කළ සේවය සළකා බලා ජීවිත ආරක්ෂාව සහතික කිරීමට රජය කටයුතු කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තම ජීවිත අවදානම හෝ ආරක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කටයුතු කළ යුද වීරයන්ට ඉන්දියානු රජය සලකන්නේ ඉතාම ඉහළින් බවත් නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොසළකන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.

පාරිභෝගික සහ නිෂ්පාදන ගොවි ජනතාව යන දෙපිරිසටම වැඩි වාසි අත්වන ආකාරයට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නව වෙළෙඳපොළ යාන්ත්‍රණයක් සකසා තිබෙන කසාගල සමූහ ව්‍යාපාරයේ  මූලස්ථානය කොළඹ බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් දයාසිරි ජයසේකර එසේ කීය.

WhatsApp Image 2025 10 16 at 3.24.55 PM
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ඉන්දියාව රණවිරුවන්ට සළකන ආකාරයත්, ශ්‍රී ලංකාව සළකන ආකාරයත් අහසට පොළොව මෙන් අසමානතා පවතින බව පැහැදිලි කළේය.

ඔහු මෙසේ ද කීය.

 

''ඉන්දියාවේ දසලක්ෂයක් වූ හමුදාවට නායකත්වය දුන් ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා සෑම් මනුක්ෂ්‍යයා නම් වූ රණවිරුවාට විශ්‍රාම ලැබීමෙන් පසු සෑම පහසුකමක්ම සැපයීමට ඉන්දියන් රජය කටයුතු කළා. නමුත් ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමා කිරීමට නායකත්වය සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ නෑ.''

 

තම ජීවිත අවදානම  ගැන නොසිතා රට වෙනුවෙන්  සහ ජාතිය ආරක්ෂාකරගැනීම වෙනවෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේවය  ඉතාම ප්‍රශංසනීයයි. යුද ජයග්‍රහණයෙන් පසු පාලන බලය ගෙනයෑමේදී යම් යම් වැරදි අඩුපාඩු එතුමා අතින් සිදුවන්නට ඇති. ඒවා පිළිබඳව වෙනම තර්ක කළ හැකියි. නමුත් ඔහු ජනාධිපතිවරයා ලෙස කළ සේවය සළකා බලා ජීවිත ආරක්ෂාව සහතික කිරීමට රජය කටයුතු කළ යුතුයි.

ලෝකයේ අසීරු, අමාරු තීන්දු තීරණ ගන්නා නායකයින් කාලයෙන් කාලයට බිහිවෙනවා. එවන් නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සැලකිය හැකියි. අපේ රටේ තිස් වසරක යුද්ධය හිටපු ජනාධිපතිවරු ගණනාවකට නිමා කරන්නට නොහැකි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා එය නිමකිරීමට නායකත්වය ලබා දුන්නා. අද ඔහු කිසිම ආරක්ෂාවක් නැතිව තංගල්ලට වී සිටිනවා. තවම සතුරු කඳවුරු වලින් හිටපු ජනාධිපතිවරයාට තර්ජන පවතිනවා. මේවා පිළිබඳව විශ්ලේෂණයක් සිදුකොට එතුමාගේ ආරක්ෂාව සහතික කළ යුතුයි. තවමත් කොටි හෙවණැලි තිබෙනවා. ඒ නිසයි අප මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ.''

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...