ගෙවල් උසාවි අණින් එහි හිමිකරුවන්ට බාර දීමට පොලීසියට සිදුව තිබේ.
පුද්ගලික ඉඩමක අවුරුදු තිහක් තිස්සේ වාඩිලා ස්ථාපිත කර තිබූ කෝපායි පොලිස් ස්ථානය මුදා හරින ලෙස තුන් මාසයකට ඉහත දුන් අධිකරණ නියෝගයට අවනත නොවීම නිසා ඔක්තෝබර් 15 වැනිදා පිස්කල් නිලධාරියා පැමිණ එම භුමිය හිමිකරුවන් වෙත ලබා දීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
ඉඩමේ හිමිකරුවන් වෙත එම භුමිය ආපසු බාර දෙන ලෙසය යාපනය දිස්ත්‍රික් විනිසුරු සී. සතීස්කරන් පොලීසියට නියෝග කර තිබුනේ 2025 ජුලි 27 වැනිදායි.
යාපනයේ දෙමළ 7 දෙනකුට අයත් පරප්පු 40 ක (අක්කර දෙකහමාරක) භුමිය සහ එහි ඉදිකර තිබූ නිවාස ඇතුළු ගොඩනැගිලි බලහත්කාරයෙන් අත් පත් කරගනිමින් වසර 30 ට ඉහතදී කෝපායි පොලිස්ථානය පිහිටුවීමට එරෙහිව ඉඩමේ හිමිකරුවන් දිගින් දිගටම විරෝධතා දියත් කර තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ භුමියේ අයිතිය ඉල්ලා ඉඩමේ මුල් හිමිකරුවන් හත් දෙනා 2019 වසරේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වු බවයි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2025 ජුලි 27 වැනිදා අධිකරණය පොලීසියට නියෝග කර තිබුනේ පරප්සු 40 ක භුමියේ අයිතිය කියා පාන හිමිකරුවන් 7 දෙනා අතුරින් හිමිකරුවන් 6 දෙනකුට අයත් පරප්පු 30 ක භුමිය නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.
ඉතිරි පරප්පු 10 ක භුමිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.





