The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කොළඹ වරාය සමූහ මිනී වලෙන් සියයකට වැඩි මිනිස් සිරුරු ගොඩගනී

T

The Leader Desk

October 17, 2025 • 3:39 AM

කොළඹ වරාය සමූහ මිනී වලෙන් සියයකට වැඩි මිනිස් සිරුරු ගොඩගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හමු වු සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා කොළඹ මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.
  • මහේස්ත්‍රාත්වරයා එහිදි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ ට නියෝග කර ඇත්තේ සමුහ සුසානයෙන් ගොඩ ගෙන ඇති මිනිස් අස්ථි සම්බන්ධයෙන් වන වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙසයි.
  • කැනීම් කටයුතු වලින් ගොඩ ගත් අවම වශයෙන් පුද්ගලයන් 106 දෙනකුට අයත් මිනිස් අස්ථි මේ වන විටත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර පොලිසිය (SOCO) භාරයේ පවතින අතර ඒවා ඉදිරියේදී අධිකරණය හරහා විශ්ලේෂණ කටයුතු සදහා බාර දීමට නියමිතව ඇත.
  • අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වොෂාන් හේරත් ඔක්තෝබර් 13 වැනි දා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතුව සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හමු වු සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා  කොළඹ මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.

මහේස්ත්‍රාත්වරයා එහිදි  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ ට නියෝග කර ඇත්තේ සමුහ සුසානයෙන් ගොඩ ගෙන ඇති මිනිස් අස්ථි සම්බන්ධයෙන් වන වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු ආරම්භ කරන ලෙසයි.

කැනීම් කටයුතු වලින් ගොඩ ගත් අවම වශයෙන් පුද්ගලයන් 106 දෙනකුට අයත් මිනිස් අස්ථි මේ වන විටත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර පොලිසිය (SOCO) භාරයේ පවතින අතර ඒවා ඉදිරියේදී අධිකරණය හරහා විශ්ලේෂණ කටයුතු සදහා  බාර දීමට නියමිතව ඇත.

කොළඹ වරාය සමුහ සුසානයේ කැනීම් කටයුතු මෙහෙයවනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ වෝහාරික පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසිනි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වොෂාන් හේරත් ඔක්තෝබර් 13 වැනි දා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණ කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන්  යුතුව සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි.

2025 නොවැම්බර් 28 වැනිදා මෙම නඩුව යළි කැදවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කර ඇත.

කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ එම ඉඩමේ පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන් 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

අහම්බයෙන් හමුවු කොළඹ වරාය සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 106 දෙනෙකුට අයත් මිනිස් අස්ථි ගොඩ ගෙන ඇති අතර  එය මෙරට මෙතෙක් කැනීම් කළ සිව්වැනියට විශාලතම සමුහ මිනි වළයි.

p 06 3

p 04 3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...