The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ගැහිල්ලක් ‘ඉතිහාසය විකෘති කිරීමක්’

T

The Leader Desk

October 17, 2025 • 3:51 AM

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ගැහිල්ලක් ‘ඉතිහාසය විකෘති කිරීමක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඇත්ත වශයෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ සිංහල ජනතාවගේ ඉතිහාසය අපක්ෂපාතී ආකාරයකින් ලේඛන ගත කළ යුතුයි.
  • "අට්ඨකතාවන්හි හා වංශ කතාවන්හි සදහන් වන කුරුන්දක, කුරුන්ද යන නාමයන්ගෙන් හදුන්වා ඇත්තේ මෙම ස්ථානය බව ඉහළ විශ්වාසයකින් සැළකිය හැකි වේ.
  • කුරුන්දි විහාරයේ ඉතිහාසය ලෙසින් සිංහල, දෙමළ හා ඉංශ්‍රිසි බසින් විස්තර කරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අලුතින් පුවරු සවි කිරීම දෙමළ ජනතා නියෝජිතයා විසින් හෙළා දැක ඇත්තේ ජාතිවාදී ක්‍රියාවක් ලෙසිනි.
  • කොහොම උනත් දැන් මෙම ස්ථානයේ අලුත් පුවරු හතරක් සවි කරලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එම චෝදනාව එල්ල කර ඇත්තේ හින්දුන් මෙන්ම බෞද්ධයන් ද අයිතිය කියා පෑම නිසා ආන්දෝලනයකට තුඩු දී ඇති කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ "කුරුන්දි පුරා විද්‍යා පරිශ්‍රය" මැයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අලුතින් සවි කර ඇති පුවරු හතරකට විරෝධය පළ කරමිනි.

"ඇත්ත වශයෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ සිංහල ජනතාවගේ ඉතිහාසය අපක්ෂපාතී ආකාරයකින් ලේඛන ගත කළ යුතුයි. කොහොම උනත් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීමාව පැනලා, බලහත්කාරකම් කරමින් ඉන්නවා. මේකත් සැලසුම් සහගත වර්ග සංහාරයක්."

 

03 9

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය යටතේ "කුරුන්දි පුරා විද්‍යා පරිශ්‍රය" මැයෙන් පුරා විද්‍යා භුමියේ  සවි කර ඇති විස්තර පුවරුවේ සදහන් කර ඇත්තේ අට්ඨකතාවන්හි හා වංශ කතාවන්හි සදහන් වන කුරුන්දක, කුරුන්ද යන නාමයන්ගෙන් හදුන්වා ඇත්තේ මෙම ස්ථානය බව ඉහළ විශ්වාසයකින් සැළකිය හැකි බවයි.

"අට්ඨකතාවන්හි හා වංශ කතාවන්හි සදහන් වන කුරුන්දක, කුරුන්ද යන නාමයන්ගෙන් හදුන්වා ඇත්තේ මෙම ස්ථානය බව ඉහළ විශ්වාසයකින් සැළකිය හැකි වේ. ඛල්ලාටනාග රජු ( ක්‍රි.පු 109- 103) කුරුඥ පාසක නම් මෙම විහාරය ගොඩ නැගු බවත් පළමු වැනි අග්බෝ ( ක්‍රි.ව 571 - 604) රජු  කුරුන්දි විහාරය පිළිසකර කර කුරුන්ද වාපි නම් වැවට තුන් යොදුනක් දුරින් විහාරයේ පරිභෝජනයට පොල් උයනක්ද කරවා තිබේ."

කාලාන්තරයක් තිස්සේ හින්දුන් වන්දනාමාන කළ ශිව දේවාලයක් පිහිටි එම ස්ථානය කුරුන්තුර්මලේ ලෙසින් කෙරෙන දෙමළ හැඳින්වීම විස්තර කෙරෙන කිසිත් එහි සඳහන් නොවේ.

මීට ඉහතදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම සවිකර තිබූ පුවරුවක ‘කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානය’ යනුවෙන් සිංහලෙන් හා දෙමළෙන්ද, කුරුඳුමලේ පුරාවිද්‍යා රක්ෂිතය යනුවෙන් ඉංග්‍රීසියෙන්ද එම ස්ථානය හඳුන්වා තිබුණි.

කුරුන්දි විහාරයේ ඉතිහාසය ලෙසින් සිංහල, දෙමළ හා ඉංශ්‍රිසි බසින් විස්තර කරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අලුතින් පුවරු සවි කිරීම දෙමළ ජනතා නියෝජිතයා විසින් හෙළා දැක ඇත්තේ ජාතිවාදී ක්‍රියාවක් ලෙසිනි.

"මෙතන කලින් පිහිටුවා තිබූ බෝඩ් එක දෙමළ ජනතාව සඳහා සවි කරපු එකක් නෙමෙයි.  කොහොම උනත් දැන් මෙම ස්ථානයේ අලුත්  පුවරු හතරක් සවි කරලා තිබෙනවා. ඊයේ, පෙරේදා මේ පුවරු සවි කරලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතිවාදීන් කියලා තමයි කියන්න ඕනේ”

වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් සදහන් කරන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇති සමයට පෙර සිටම මෙම භුමිය දෙමළ ජනතාවගේ පාලනය යටතේ පැවැති භුමියක් බවයි.

"ආදි සිවන් අයියනාර් කියලා කියන්නේ මෙයාලා කියන ක්‍රි.ව. සහ ක්‍රි.පූ. කියන එකට කලින් ඉදලා දෙමළ ජාතිකයන් මුලින්ම පාලනය කළ ස්ථානයයි. තමන්ගේ ආණ්ඩුව කියලා හිතා මතා පුවරු දාන එක පිළි ගන්න  බැහැ. අපි මේක ගැන බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දෙනවා, විසදුමක් වෙනුවෙන්."

කුරුන්තුර්මලේ පුරා විද්‍යා රක්ෂිතයේ හින්දුන් වැඳුම් පිදුම් කළ ශිව දේවාලයක් පිහිටි ස්ථානයේ හමුදා අනුග්‍රහයෙන් අලුතින් බෞද්ධ විහාරයක් ඉදිකිරීම අභියෝගයට ලක් කරමින් පසුගිය කාලයේ ප්‍රදේශවාසී හින්දු ජනතාව දැඩි විරෝධයක් පළ කර තිබුනි.

01 5

 

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය  පිහිටා තිබු ස්ථානයේ අලුතින් ඉදිකිරීම් තහනම් කර ඇති පුරාවිද්‍යා භුමියේ උසාවි අනුදැනීමකින් තොරව යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකර ඇති බවට  නඩුවක් ගොනු කිරීමටත් 2022 වසරේ දී පෙරමුණ ගෙන තිබුනේ තුරෛරාජා රවිහරන්ය.

මතබේදකාරී ලෙස බෞද්ධ විහාරයක් ඉදිකර ඇති කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ හින්දු වතාවත් කිරීමට කිසිදු තහනමක් නොමැති බවට 2023 වසරේ අගෝස්තු මාසයේදී  පුරාවිද්‍යා බලධාරීන් අධිකරණය හමුවේ සහතික විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...