The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ සූදානම

T

The Leader Desk

October 17, 2025 • 4:27 AM

පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ සූදානම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමන ක්‍රමයකට හෝ නිසි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගන්නා බව ඔහු පැවසිය.
  • Neth Sound · CHANDANA 01 ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නෛතික පසුබිම කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.
  • ලෝකයේ කෙහේවත් නැතිව ඇති අලුත් ඡන්ද ක්‍රමයක් ගේනව කියල තියෙන ඡන්ද ක්‍රමය නවත්තලා ඡන්දය නොතියා ඉන්න ක්‍රමයක්.
  • තියන ඡන්ද ක්‍රමයට ඡන්දය තියමින් තමයි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කළ යුතුව තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කුමන ක්‍රමයකට හෝ නිසි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගන්නා බව ඔහු පැවසිය.

 

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නෛතික පසුබිම කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.


ලබන වසරේ අනිවාර්යෙන්ම පළාත් සභා පවත්වනවා - අමාත්‍ය ලාල්කාන්ත

මේ අතර පසුගියදා (15) මහනුවර පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත කියා සිටියේ, පළාත් සභා මැතිවරණය ලබන වසරේ කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පවත්වන බවයි.

"පළාත් සභා කල් දැම්මේ කලින් තිබ්බ පාර්ලිමේන්තුවෙන්. අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්න ඕන කියල තමයි පළාත් සභා කල් දැම්මේ. ලෝකයේ කෙහේවත් නැතිව ඇති අලුත් ඡන්ද ක්‍රමයක් ගේනව කියල තියෙන ඡන්ද ක්‍රමය නවත්තලා ඡන්දය නොතියා ඉන්න ක්‍රමයක්.

තියන ඡන්ද ක්‍රමයට ඡන්දය තියමින් තමයි  අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කළ යුතුව තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සඳහා ජනතා නියෝජිතයින් පත් කර ගැනිමේ නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් තීරණයක ඉන්නවා ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දය තියන්න.

එක්කෝ අලුත් ඡන්ද ක්‍රමය හදල තියෙනවා .එහෙම් නැත්තම් පාර්ලිමේන්තුවේ සම්මත කළ එක වෙනස් කරලා පරණ ක්‍රමයටම ඡන්දය තියන්න අපි පියවර ගන්නාවා. අපට 159 ක බලයකුත් තියෙනවානේ. ඔය දෙකෙන් එකක් ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම කෙරෙනවා"


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ සූදානම | The Leader