The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අගමැති හරිනි නවදිල්ලියේදී ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

T

The Leader Desk

October 17, 2025 • 5:53 PM

අගමැති හරිනි නවදිල්ලියේදී ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.
  • අග්‍රාමාත්‍ය මෝදි විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගත් අතර ද්විපාර්ශ්වික සබඳතාවන් සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
  • දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා තමන් දිල්ලි විශ්ව විද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුලත් වුනු ආකාරය සහ එය තම ජීවිතයට උපකාරී වූ ආකාරය ඇතුළු ඉන්දියාවේදී ලද සිය අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය අගමැති මෝදි සමඟ බෙදා ගත්තාය.
  • මෙම ඉන්දිය සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලක සිදු කළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බවද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය මෝදි විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගත් අතර ද්විපාර්ශ්වික සබඳතාවන් සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 


1990 දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා තමන්  දිල්ලි විශ්ව විද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුලත් වුනු ආකාරය සහ එය තම ජීවිතයට උපකාරී වූ ආකාරය ඇතුළු ඉන්දියාවේදී ලද සිය අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය අගමැති මෝදි සමඟ බෙදා ගත්තාය.


මෙම  ඉන්දිය සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලක සිදු කළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බවද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අගමැති මෝදි සහාය පළ කළ අතර, විශේෂයෙන් පාසල් හැර යන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග සහ  සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේ  අවශ්‍යතාව අවධාරණය කරමින්, සියලු දෙනා ඇතුළත් කර ගත් සහ සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහය පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

දෙරටේ ධීවරයින්ගේ සුභසාධනයට අදාළ කරුණු සහ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළාය.

දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්,  ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේය.

 අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂයෙන් එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ X පණිවිඩය

මෙම හමුව සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය.

මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ සඳහන් කර තිබේ.

සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

kljtw4t5

zdftwe5r2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...