ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දි ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔබ නීතිඥවරියක් දැයි නීතිඥ තාරක නානායක්කාර විමසා සිටියේ අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඒපා යැයි කිසියම් නිලධාරියකුට මන්ත්‍රිවරිය පැවසීම ප්‍රශ්න කරමිනි.
නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී මන්ත්‍රීවරිය ආන්දෝලනයට ලක්ව ඇති ප්‍රකාශය සිදුකර ඇත.
තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පවසන ඇය, ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව කියා සිටියි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ, අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.




