The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

T

The Leader Desk

October 18, 2025 • 8:58 AM

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
  • සැකකාරිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.
  • ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
  • කොහොම හරි ඌව අන්දගෙන ඌ ලවා වැඩේ කරගන්නා ලෙස කෙහෙල් බද්දරපද්මේ පැවසූ බවට ද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම කොස්තාපල්වරයා අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර, සෙව්වන්දිට වැලිපැන්න ප්‍රදේශයේ නිවසෙ නවාතැන් දුන් කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව, දොඩංගොඩ නිවසේ නවාතැන් දුන් පුද්ගලයා සහ මිද්දෙණිය නිවසේ කාන්තාව ද එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගෙන..

සැකකාරිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොහොම හරි ඌව අන්දගෙන ඌ ලවා වැඩේ කරගන්නා ලෙස  කෙහෙල් බද්දරපද්මේ පැවසූ බවට ද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් මෙම ඝාතන සිද්ධියට කිසිඳු මුදලක් ඔහුගෙන් ලබානොගත් බවට ඇය විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක මාස එකහමාරක කාලයක් රැඳී ඉඳලා 

ගණේමුල්ල සංජීව ඝාතනය වූ පෙබරවාරි (19) දිනම රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත්, ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු වන මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකුට අයත් දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි .

එම නිවසේ සිට අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි .

අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා එම දිනය යොදා ගත් බවට ද ඇය ප්‍රකාශ කර ඇත.

මිද්දෙනණිය නිවසේ රැඳී සිටි ඇය පළාත් පාලන මැතිවරණ දින වු මැයි 6 වන යාපනය බලා ගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බවට ද ඇය ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.


(lankadeepa | ඉන්දිකා රාමනායක)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...