පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එම අනාවරණය සිදුකර ඇත්තේ Neth FM සමග පැවති වැඩසටහනකට එක්වෙමිනි.
නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කර සිටින්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තට ස්ථාන මාරුවක් ලබාදෙනු ලැබූවේ ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයක් හේතුවෙන් බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. ප්‍රශාන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරුකර යවා ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. සී. පී. හේරත් ය.




