මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව පළාත් සභා මැතිවරණය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද එකට පවත්වනවාද යන්න තීරණය කරන බවද ඔහු කීය.
පසුගිය පළාත් සභා මැතිවරණයද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථා තිබෙන බවද ඔහු කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේද පැවසීය.
‘‘පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණය සඳහා ලබන වසර (2026) සඳහා රුපියල් බිලියන පහක හෝ හයක මුදලක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම මැතිවරණය සඳහා මේ වසරටද මුදල් වෙන්කර තිබෙනවා. එහෙත් මෙම වසරේදී නොපැවැත්වුණහොත් එම මුදල් යළි භාණ්ඩාගාරයට යවනවා.''
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
සබැඳි පුවතක් :
පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ සූදානම




