බුදු දහමේ දැක්වෙන හේතුඵලවාදය අනුව මෙම පසුබිම වඩා හොඳින් අවබෝධ කරගත හැකි යැයි කී හෙතෙම ජාතික ජනබලවේගය ආණ්ඩුකරණයේ නිරතවන්නේ ඒ දෙසට යැයි අවධාරණය කළේය.
ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මෙම අදහස් පළ කළේ Voicetube නාලිකාවේ 'Inside voice' සාකච්ඡාවට සහභාගී වෙමිනි.
හුදු ආධ්‍යාත්මික නායකයකු නොවූ නබිතුමා ද වෑයම් කළේ සාධාරණ හා යුක්ති ගරුක රාජ්‍යයක් ගොඩනැගීමට යැයිද එකඟ නොවන්නන් සමග එකඟවී ක්‍රියා කිරීම ගැන එතුමා අවධානය යොමු කළේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාතික ජන බලවේගය බුද්ධ ශාසනයට වින කරනු ඇති බවට ජනාධිපතිවරණ සමයේ බොරු බියක් නිර්මාණය කළ විපක්ෂය සිය බංකොලොත්කම වසාගැනීම සඳහා පසුගිය දිනවල තමා ඉලක්ක කරගෙනන මඩ ප්‍රහාර එල්ලකළේ යැයි ද ඔහු කීය.
තමා කම්පාවන්නේ 2015න් පසුව ජාතිවාදයට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කළ සහෝදරයන් පවා එම අවලාද තරගයට වැටීම ගැන යැයි ද මුනීර් මුලෆ්ෆර් පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව තමා මුලින්ම ගියේ අත්තනගල්ල රජමහා විහාරයට යැයිද ජාතික සංහිඳියාව වෙනුවෙන් ක්‍රියා කරන සහෝදරත්වය තමා කවුදැයි හොඳින්ම දන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




