අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වීම නිසා, එම කණ්ඩායම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ බලතල වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය පොලිස් නිලධාරීන්ගේ අභ්‍යන්තර හැසිරීම්, චෝදනා පිළිබඳ විමර්ශ සිදු කරයි.
එම ඒකකයට මේ වන විට අනුයුක්ත කර සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා එහි විමර්ශන ප්‍රමාද වන බව හඳුනාගෙන ඇත. එබැවින් මේ ඒකකයට තවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමටත්, ඔවුන්ට බුද්ධි අංශ සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය අවසරය දීමටත් සැලසුම් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන්ගේ දුරකතන සම්බන්ධතා පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ පොලීසියේ නිලධාරීන් රැසක් ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.
කෙසේ වෙතත් එම ඇතැම් නිලධාරීන් ඔවුන් සමග ඍජු සම්බන්ධතා පවත්වා නැති බවත්, ඔවුන් වෙනත් නිලධාරීන්ගේ උපදෙස් සහ නියෝග මත ඇතැම් කටයුතු සිදු කර ඇති බවත් අනාවරණය වීම නිසා ඔවුන් පිළිබඳ මූලික විමර්ශන මේ ඒකකය මඟින් සිදු කිරීමට නියමිතය.
( silumina | අසංක කරුණාරත්න)
සබැඳි පුවතක් :
පොලීසිය ගැන හොයන්න පොලීසියට විශේෂ බලතල
T
The Leader Desk
October 19, 2025 • 4:17 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වීම නිසා, එම කණ්ඩායම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ බලතල වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
- එම ඒකකයට මේ වන විට අනුයුක්ත කර සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා එහි විමර්ශන ප්‍රමාද වන බව හඳුනාගෙන ඇත.
- එබැවින් මේ ඒකකයට තවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමටත්, ඔවුන්ට බුද්ධි අංශ සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය අවසරය දීමටත් සැලසුම් කර තිබේ.
- සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන්ගේ දුරකතන සම්බන්ධතා පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ පොලීසියේ නිලධාරීන් රැසක් ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



