පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි.
දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීමේ සිද්ධියයි.
අධර්මය පරාජය වී ධර්මය ජයගත් දීප්තිමත් දිනය වශයෙන්ද මේ දිනය සැලකෙයි.
හින්දු බැතිමතුන් පහන් දැල්වීම, කෝලම් දැමීම, පොංගල් බත් බෙදීම සිදු කරන අතර දේව වන්දනයේ නිරත වන්නේ මහත් බැතියෙන්.
තමාට මෙන් සෙසු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බව වේද සාහිත්‍යයේ සඳහන් ය.
එපරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවායි යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව හින්දු බැතිමතුන් අද ආගමික වතාවත්වල නිරන වෙයි.
මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන ඔවුන් රස කැවිලි අනුභව කරමින් මේ දිනය සතුටින් සමරයි.
රාජ්‍ය දීපවාලි උත්සවය හැටන් නගරයේදී
සැමට සාමය හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ලද ජාතික දීපවාලි උත්සවය ඊයේ (19) හැටන් නගරයේදී පැවැත්විණි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙෙනවි ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජාතික දීපවාලි උත්සවයේ ප්‍රධාන පූජාව හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී ප්‍රධාන පූජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මංජුල සුරවීර, ක්‍රිෂ්ණන් කලේචෙල්වි, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, හැටන් දික්ඔය නගර සභාපති අශෝක කරුණාරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික දීපවාලි උත්සවය නිමිති කරගෙන සංවිධාන කරන ලද සංස්කෘතික පෙරහර හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් දේවස්ථානය ඉදිරිපිට සිට හැටන් ප්‍රින්ස් ශාලාව දක්වා ගමන් කෙරිණි.
දීපාවලී උත්සවය අදයි..
T
The Leader Desk
October 20, 2025 • 3:47 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි.
- දීපාවලි සමරන්නට නිමිත්ත ලෙස සැළකෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීමේ සිද්ධියයි.
- තමාට මෙන් සෙසු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බව වේද සාහිත්‍යයේ සඳහන් ය.
- එපරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවායි යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව හින්දු බැතිමතුන් අද ආගමික වතාවත්වල නිරන වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



