විශේෂයෙන් ම සජිත් – රනිල් යන නායකයන් දෙදෙනා මේ පිළිබඳව මුහුණට මුහුණ සාකච්ඡා කළ යුතු බවත් එසේ සාකච්ඡා නොකළහොත් පක්ෂ දෙකට ම අනාගතයක් නොමැති බව ත් ඔහු කියා සිටියි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂ දෙකක් බැවින් පක්ෂ දෙක සිය අනන්‍යතාව තහවුරු කර ගනිමින් ඉදිරියට යා යුතු බව පවසන මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ, මැතිවරණයකදී පොදු සන්ධානයක් පිහිටුවා එක ලාංඡනයකින් පක්ෂ දෙක තරග කිරීමට සූදානම් විය යුතු බව ය.
“මේ ගොල්ලෝ සාකච්ඡා කරලා හොඳ තැනකට එන්න ඕනෑ. මම රනිල් – සජිත් දෙන්නටම කියන්නේ ඔය දෙන්නා එකතු වෙලා සන්ධානයක් හදලා ඊළඟ මැතිවරණයට පොදු ලාංඡනයක් එක්ක මුහුණ දෙමු. එහෙම නොවුණොත් මේ සුළු පක්ෂ ඉන්නෙත් නෑ. මේක ඇතුළෙ අපි වෙන ම සන්ධානයක් හදා ගන්නවා.” යයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
සජබ හා එජාපය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා මේවනවිට දෙපාර්ශවය විසින්ම කමිටු පත්කර ඇත. සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් රුවන් විජයවර්ධන, නීතීඥ තලතා අතුකෝරල සහ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා යන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර සමගි ජනබලවේගය විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න ගෙන් සමන්විත සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.
සබැඳි පුවත් :
සජබ-එජාප හවුලට අනෙක් පක්ෂවලටත් දොර අරී
සජබ එක්ක යාළුකම වැඩි කරගන්න එජාපෙන් ත්‍රිපුද්ගල කමිටුවක්




