The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පඩි වැඩි කිරීමේ හාම්පුතුන්ගේ යෝජනා වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

October 20, 2025 • 10:30 AM

පඩි වැඩි කිරීමේ හාම්පුතුන්ගේ යෝජනා වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "වර්තමානයේ ඉහල යන ජිවන වියදම සළකා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම ඉතාමත් සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීමක්.
  • සියයට තිහකින් වැටුප් වැඩි වීමක් ලබා දෙන්න හාම්පුතුන් එකඟ වුනත්, එය සිදුවන්නේ අවුරුදු තුනක් ඇතුලේ අවුරුද්දකට සියයට දහය ගානේ එකතු වෙන විදිහට.
  • මේ විදිහ අපි ප්‍රතික්ෂේප කරනවා," යැයි වතු කාර්ය මණ්ඩල සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පැරණිතම වෘත්තීය සමිතියක් වන ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ පවසයි.
  • හාම්පුතුන්ගේ සංගමය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පස්වැනි වරටත් දෙපාර්ශවය අතර ඉකුත් දා පැවැත්වූ සාකච්ජාවේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


"වර්තමානයේ ඉහල යන ජිවන වියදම සළකා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම ඉතාමත් සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීමක්. සියයට තිහකින් වැටුප් වැඩි වීමක් ලබා දෙන්න හාම්පුතුන් එකඟ වුනත්, එය සිදුවන්නේ අවුරුදු තුනක් ඇතුලේ අවුරුද්දකට සියයට දහය ගානේ එකතු වෙන විදිහට. මේ විදිහ අපි ප්‍රතික්ෂේප කරනවා," යැයි වතු කාර්ය මණ්ඩල සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පැරණිතම වෘත්තීය සමිතියක් වන ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ පවසයි.

හාම්පුතුන්ගේ සංගමය හා වතු සේවා සංගමය ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත සාමුහික ගිවිසුමට අදාලව මෙම වැටුප් සාකච්ජා පවත්වා තිබේ.

හාම්පුතුන්ගේ සංගමය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පස්වැනි වරටත් දෙපාර්ශවය අතර ඉකුත් දා පැවැත්වූ සාකච්ජාවේදී ය.

"වතු හිමියන් හොඳටම දන්නවා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අපේ වගකීම ගැන. නිෂ්පාදන ක්‍රියාවලියේදී දායකත්වය ගැනත් ඔවුන් හොඳටම දන්නවා. ඒත් කිසිම ප්‍රථිපලදායක නොවන යෝජනා ඉදිරිපත් කරමින් දිගින් දිගටම කල් මරන්නේ ඇයි කියන එක අපිට ගැටළුවක් වගේම අපේ සාමාජිකයන් නොසන්සුන් කරවන්නක්," යැයි ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.  

වසරකට සියයට දහයක වැටුප් වැඩිවීමක් ඉහල යන ජිවන වියදම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවුන ද, තවදුරටත් හාම්පුතුන් කෙරෙහි විශ්වාසය තබන ඔහු, හැකි ඉක්මනින් වතු කාර්ය මණ්ඩල සේවකයන් වෙනුවෙන් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවේ.

මේ අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිලි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි රජයේ පාලනය යටතේ පවතින ආයතන වල වතු කාර්ය මණ්ඩල සේවකයන්ට 2019 වසරේ සිට නොගෙවා ඇති සේවක අර්ථ සාධක අරමුදල්  ගෙවීමට 2026 අයවැයෙන් මුදල් වෙන් කරන ලෙස වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

වතු කම්කරුවන්ට අමතරව  කාර්ය මණ්ඩල සේවකයන් සඳහා ද පර්චස් 10 ක ඉඩම් අයිතියක් ලබා දෙන්න යන්න ජනාධිපතිවරයා වෙත යොමු කළ තවත් ඉල්ලීමකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...