The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

‘එක රටක් - නීති දෙකක්’ වෘත්තීය සමිති උසාවි යයි

T

The Leader Desk

October 20, 2025 • 12:55 PM

‘එක රටක් - නීති දෙකක්’ වෘත්තීය සමිති උසාවි යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇති සමාගම් හතරකට සහන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් ජුලි 14 වැනිදාය.
  • වරාය නගරයේ සමාගම් හතරකට බදූ සහන හා කම්කරු නීති බලාත්මක නොවන බවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
  • "වරාය නගරය පිහිටුවීමට එරෙහිව එදා පැවති දැවැන්ත විරෝධතාවයේ ප්‍රබල කොටස් කාරයෙකු වූ ජනාධිපතිවරයා විසින්ම ඊට සහන ලබා දීම මගින් එක් රටක් තුල තවත් රටක් බිහි කිරීමක් හා නීති දෙකක් ක්‍රියාත්මක වීමක්,`යැයි නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම්, ඇන්ටන් මාක්ස් පවසයි.
  • මෙම ගැසට් නිවේදනය මගින් කම්කරු නීති වරාය නගරයේ සමාගම් වලට අදාළ නොවීමට එරෙහිව අංක 875/2025 යටතේ පෙත්සමක් මගින් නඩුවක් ගොනු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇති සමාගම් හතරකට සහන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් ජුලි 14 වැනිදාය.

වරාය නගරයේ සමාගම් හතරකට බදූ සහන හා කම්කරු නීති බලාත්මක නොවන බවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

02

01mji
"වරාය නගරය පිහිටුවීමට එරෙහිව එදා පැවති දැවැන්ත විරෝධතාවයේ ප්‍රබල කොටස් කාරයෙකු වූ ජනාධිපතිවරයා විසින්ම ඊට සහන ලබා දීම මගින් එක් රටක් තුල තවත් රටක් බිහි කිරීමක් හා නීති දෙකක් ක්‍රියාත්මක වීමක්,`යැයි නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම්, ඇන්ටන් මාක්ස් පවසයි.

මෙම ගැසට් නිවේදනය මගින්  කම්කරු නීති වරාය නගරයේ සමාගම් වලට අදාළ නොවීමට එරෙහිව අංක 875/2025 යටතේ පෙත්සමක් මගින් නඩුවක් ගොනු කර තිබේ.

පෙත්සම ගොනු කර ඇත්තේ නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමය, කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු තවත් සමිති තුනක් ඒකාබද්ධවයි.

 

කම්කරුවන් 15 දෙනෙකුට වැඩිය සේවය කරන ආයතනවල කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් වූ  1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත මෙම සමාගම් හතර සඳහා බලාත්මක නොවීම මගින් බරපතල අර්බුදයක් මතු විය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

සේවය අවසන් කිරීම පනත යටතේ ඕනෑම කම්කරුවෙකු විනය නොවන කරුණක් මත ඔහුගේ ස්වකැමැත්ත මත සේවය අවසන් කළ හැකි අතර කම්කරු කොමසාරිස් වරයාට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව සාධාරණ හේතු ඇත්නම් කොමසාරිස් වරයා විසින් සේවය අවසන් කිරීමට අනුමැතිය දෙනු ඇත. අදාළ ගැසට් නිවේදනය මගින් වරාය නගරයේ ක්‍රියාත්මක මෙම සමාගම් හතරේ කම්කරුවන්ගේ සේවය හාම්පුතුන්ට හිතු මනාපෙට අවසන් කළ හැකිය.

 

garment industry in sri lanka trade zone anton marcusවෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස්

"1977 බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන මුලින්ම නිදහස් වෙළෙඳ කලාප ඇති කලෙත් මහ කොළඹ ආර්ථික කොමිසම් පනත යටතේ නිදහස් වෙළෙඳ කලාප වල කම්කරු නීති ක්‍රියාත්මක නොවන කලාපයක් කරලා. ඒත් ඒ ක්‍රියාදාමයට එරෙහිව වෘත්තීය සමිති විසින් අධිකරණය වෙත ගොස් ලබා ගත් නඩු තීන්දුවක් තියෙනවා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ එක රටක නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බැහැ කියලා." යැයි වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් පෙන්වා දෙයි.

1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත ගෙන ඒමට පසුබිම වුයේ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය නොමැති බව පවසමින්, කම්හල් වසා දමමින්, දහස් ගණන් කම්කරුවන් දොට්ට දමමින්, පෞද්ගලික අංශයේ හාම්පුතුන් 70 දශකයේ මුල ගෙන ගිය ක්‍රියා පිළිවෙත වළක්වාලීමේ අරමුණු ඇතිවය.

sellaiyaලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන්
"70 කාලයේදී  මාසයකට වැඩි කාලයක්  පුද්ගලික අංශයේ 70 කටත් වඩා කර්මාන්ත ශාලාවල කම්කරුවෝ වර්ජනය කරමින් තමයි  සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මේ පනත සම්මත කර ගත්තේ. අපේ දිවංගත බාලා තම්පෝ සහෝදරයා තමා පනත සකස් කරන්න මුල් වුනේ," යැයි ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන් සඳහන් කරයි.

සී.එම්.යු.  ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරන්නේ, කම්කරුවන්ගේ රැකියා සුරක්ෂාවට හා සාධාරණයක් ඉටු කිරීමට බල කරන වගන්ති ඇතුලත් මෙම පනත සකස් කිරීමට මුල්වූ වෘත්තීය සමිතියක් ලෙස එය තවදුරටත් රැක ගැනීම තම වගකීමක් බවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...