The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මන්ත්‍රි දීමනා වලට පාන් න්‍යාය අදාළ නෑ - උදය ගම්මන්පිල

T

The Leader Desk

October 20, 2025 • 3:17 PM

 මන්ත්‍රි දීමනා වලට පාන් න්‍යාය අදාළ නෑ - උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගලයා ලෙස මේ පිළිබඳව පැහැදිලි කිරීම තමන් ගේ වගකීමක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
  • ඔහු මෙම අදහස් පල කළේ අද (20) එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • මාලිමා මන්ත්‍රිවරුන් තමන්ට වැටුප ලෙස ලැබෙන රු 54,285ත් පැමිණීමේ දීමනාව විධියට මාසිකව ලැබෙන දහ පහලොස් දාහත් තමන් කැමැති විධියට වියදම් කරනවාට අපේ විරෝධයක් නෑ.
  • ඒ වගේම මන්ත්‍රිවරුන්ට රු 50,000/- දුරකතන දීමනාවක් දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පුද්ගලයා ලෙස මේ පිළිබඳව  පැහැදිලි කිරීම තමන් ගේ වගකීමක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පල කළේ අද (20) එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ජවිපෙ ''පාන්'' න්‍යාය

''මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා ගෙනැවිත් තිබෙනවා.  ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රිවරුන් අහන්නේ අපේ වැටුප අපි දෙන්න කැමති නම්, ටිල්වින් සහෝදරයා ගන්න කැමති නම්, විපක්ෂයට පාන් ද කියලා.

 මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම නීති විරෝධියි කියලා රටට කියපු පුද්ගලයා විධියට, ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ පුද්ගලයා විධියට මේ ගැන පැහැදිලි කිරීමක් කිරීම මගේ වගකීමක්.

මාලිමා මන්ත්‍රිවරුන් තමන්ට වැටුප ලෙස ලැබෙන රු 54,285ත් පැමිණීමේ දීමනාව විධියට මාසිකව ලැබෙන දහ පහලොස් දාහත් තමන් කැමැති විධියට වියදම් කරනවාට අපේ විරෝධයක් නෑ.  පක්ෂ අරමුදලට දෙන්න බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දෙන්නත් පුළුවන්.  ඒක ගැන අපි හොයන්නේ නෑ.  අපි කතා කරන්නේ මන්ත්‍රි දීමනා ගැන විතරයි.  

මන්ත්‍රිවරයෙකු රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ලැබෙනවා. ඒ මුදල දෙන්නේ කාර්යාලයක් නඩත්තු කරන්න. ගොඩනැගිලි කුලිය, විදුලි බිල්, ජල බිල්, පිරිසිදු කිරීමේ වියදම්, උපකරණ වියදම් වගේ වියදම් සඳහා ඒ රුපියල් ලක්ෂය දෙන්නේ.  ඒ මුදල ලබා දුන්නු නිශ්චිත කාරණයට වැය කරන්නේ නැතිව ඒක ගිහින් පක්ෂ අරමුදලට දුන්නොත් ඒක මහජන මුදල් අවභාවිතා කිරීමක්. ඒක හරියට ටී. බී. සරත් ඇමතිතුමා කොළඹ ඉඳන් පොලොන්නරුවට වැසිකිළි හදන්න මුදල් වෙන් කරගෙන ඒ මුදලින් පක්ෂ මූලස්ථානයට වැසිකිලි පද්ධතියක් හදලා දෙනවා වගේ වැඩක්.

ළිං මැඩියෝ

ඔය වගේම මන්ත්‍රිවරුන්ට මාසයකට රුපියල් ලක්ෂයක විතර ඉන්ධන දීමනාවක් දෙන්නේ වාහනයට ඉන්ධන ගහගෙන දිස්ත්‍රික්කය වටා සංචාරය කරමින් ජනතා ප්‍රශ්න හඳුනා ගන්න; විසඳන්න.  ඒ වැඩේ නොකර ඒ මුදල පක්ෂ අරමුදලට ලබා දීමත් මහජන මුදල් අවභාවිතයක්.  

ඒ වගේම මන්ත්‍රිවරුන්ට රු 50,000/- දුරකතන දීමනාවක් දෙනවා.  ඒ ගෙදර සහ කාර්යාලයේ දුරකතන බිල්, ජංගම දුරකතන බිල්, අන්තර්ජාල සේවා බිල් වගේ වියදම් දරන්න.  ඒ මුදල දෙන්නේ ප්‍රශ්නයක් වුණාම නිලධාරින්ට කතා කරලා මහජන ගැටලු විසඳන්න. අන්තර්ජාලය හරහා රටේ සහ ලෝකයේ වෙන දේවල් ගැන දැනුත් වෙන්න.  ඒ මුදල පක්ෂයට පරිත්‍යාග කළාම ප්‍රශ්නයක් විසඳන්න දුරකතන ඇමතුම ගන්න ලෝභයි.  ඇයි? බිල් ගෙවන්න අතේ සල්ලි නැති නිසා.  අන්තර්ජාලයෙන් තොරතුරු පරික්ෂා කරන්නේ නෑ.  තීන්දුවලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඒඅයි මෙවලම් පාවිච්චි කරන්නේ නෑ.  නෙට්ෆ්ලික්ස් යනාදි චිත්‍රපට නාලිකා බලලා චින්තනයේ නිම් වළලු පුළුල් කර ගන්නේ නෑ.  ළිං මැඩියෝ වගේ තමයි හිතන්නේ, තීන්දු ගන්නේ.  

මාලිමා මන්ත්‍රින්ට දොස් කියන්න බෑ.  අතේ සතේ නැතිව කොහොමද මේ වියදම් දරන්නේ?

පොදු දේපළ අපහරණය

ඔය වගේම තිබෙනවා ප්‍රවාහන දීමනාව කියලා රුපියල් 15,000ක්.  ඒක ලබා දෙන්නේ මහජන ගැටලු විසඳා ගන්න, තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට කොහෙට හරි යන්න අවශ්‍ය වුණාම ප්‍රවාහන පහසුකම් සපයා ගන්න,  අනවසර ඉදිකිරීමක් බලන්න, කැඩුණු පාලමක් බලන්න,  ජනතාව හමුවීම ප්‍රතික්ෂේප කරන රජයේ නිලධාරියෙකු ගාවට ජනතාව සමග යන්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමාත්‍යාංශවලට යන්න වගේ ගමන් රාශියක් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට යෙදෙනවා.

ඇත්තම කිව්වොත් රු15,000 ඒ වැඩේට හොඳටම මදි.  මේ රු15,000ත් පක්ෂ අරමුදලට පරිත්‍යාග කළාම කාර්ය මණ්ඩලය ප්‍රවාහන වියදම තමන් සොයා ගන්න ඕනි.  අන්තිමට වෙන්නේ ජනතා ප්‍රශ්න විසඳලා දෙන්න කාර්ය මණ්ඩලය රජයේ කාර්යාලවලට යන්න අදිමදි කරන එකයි. නිශ්චිත කරුණකට ලබා දුන් මහජන මුදල් අවසරයකින් තොරව වෙනත් කාරණයකට යෙදවීම පොදු දේපළ අපහරණයක්.  මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි වරදක්.  

මාලිමා මන්ත්‍රිවරුන් 159ම මේ බරපතළ වරද සිදු කරනවා කියන එක අපි සිහිපත් කරනවා.  ඒ නිසා 2029 දී වැලිකඩ සිර ගෙදර එක වාට්ටුවක් ම මාලිමාවට වෙන් කරන්න වේවි.

ඉල් මහ විරු සමරුව බොරුවක්

ලබන මාසයේ මාලිමා ආණ්ඩුවේ නායකයින් පරණ අල්මාරියක මුල්ලක තිබෙන රතු කමිස, රතු සාරි, රතු තොප්පි එළියට අරගෙන ඉල් විරු සමරුව කියලා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමරන්න නියමිතයි.  රෝහණ විජේවිර මහතා ජවිපෙ නිර්මාතෘ වුණාට මාලිමාවේ නිර්මාතෘ නොවේ.  මාලිමාව බලයට ආවේ විජේවීර කියා දුන්නු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමි ධනපති විරෝධී පාර දිගේ ගමන් කරලා නොවේ.  අධිරාජ්‍ය විරෝධි අරගලය, අයිඑම්එෆ් විරෝධය, ඉන්දියානු විරෝධය, ඇමෙරිකානු විරෝධය, ධනපති විරෝධය වගේ විජේවීර සහෝදරයාගේ සටන් පාඨ පාවිච්චි කරලත් නොවේ.  

මාලිමාව බලයට ආවේ ඇමෙරිකානු විරෝධය වෙනුවට ජුලී චෑංග් නෝනාගේ සුවච කීකරු ගෝලයෙක් වෙලා. ඉන්දියානු විරෝධය වෙනුවට ඉන්දියාවට හීලෑ වුණු පූස් පැටියෙක් වෙලා.  කෙටියෙන්ම කිව්වොත් මාලිමාවට බලයට එන්නවත් බලය පවත්වාගෙන යන්නවත් විජේවීර සහෝදරයා කරපු කෙංගෙඩියක් නෑ.  මාලිමාව බලය ගත්තෙත් බලය පවත්වාගෙන යන්නෙත් විජේවීර සහෝදරයා කිව්ව දේවල්වලට විරුද්ධ දේවල් කරලා.  ඒ නිසා බොරුවට රතු ඇඳගෙන ඉල් මහ විරු සමරුවක් කරලා විජේවීර ගුණ වයන මායාවක් කරලා රට රවටන්න අවශ්‍ය නෑ.

ගොබෙල්ස් නැතිනම් ආණ්ඩුව හබක්

මාලිමා ආණ්ඩුවේ නිර්මාතෘ විජේවීර නොවේ නම් වෙන කවුද?  ඒ තමයි ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස්.  “එකම බොරුව සිය වරක් පවසන විට අසන්නාට මෙන්ම කියන්නාට ද එය ඇත්තක් මෙන් දැනෙනු ඇත” කියා කිව්වේ ඔන්න ඔය ගොබෙල්ස් තමයි.  පසුව මේ න්‍යාය ගොබෙල්ස්වාදය කියා මුළු ලෝකයේම ජනප්‍රිය වුණා.  

ඔය ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා තමයි මාලිමාව බලයට ආවේ.  රාජපක්ෂලා ඩොලර් බිලියන ගණනින් උගන්ඩාවේ හැංගුවා කියලා අවුරුදු දහයක් පුරාම කිව්වාම ජනතාව ඒක විශ්වාස කලා.  චිචීගේ බල්ලාගේ කරේ පවුම් 90ක රන් මාලයක් තිබෙනවා කියලා අවුරුදු දහයක් පුරා කිව්වාම ජනතාව ඒක විශ්වාස කළ.  බදු ඔක්කෝම අයින් කරලා වරායෙන් බාන මිලට තෙල් දෙන්නම් කියලා අවුරුදු ගණනාවක් කිව්වාම ජනතාව ඒකත් පුළුවන් කියලා විශ්වාස කළා. බලයට පැමිණියාට පස්සේ වෙන ගුණමකුවෝ වගේ මාලිමා ආණ්ඩුව ගොබෙල්ස්ව අමතක කළේ නෑ.

තමන්ට බොරුවක් කියන්න ඕනෑ වුණාම පාර්ලිමේන්තුවට ඇවිත් ඒක කියනවා; කියලා ජනාධිපතිතුමා කිව්වේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතාවක් කරන ගමන්.  අගමැතිතුමිය අමාත්‍යාංශයේ දී පාසල්වලට දේශපාලකයින් ගෙන්වා ගන්න එපා කියලා චක්‍රලේඛ යවලා පාර්ලිමේන්තුවට ඇවිත් මම එහෙම කළේ නෑ කියලා ටොම් පච අත් හරිනවා.  කතානායකතුමා විශ්වාස භංග විවාදය මග හරින්න පාර්ලිමේන්තුවට පච කියලා නොමග අරිනවා.  සභානායකතුමා ව්‍යවස්ථා සභාවට බොරු කියලා නොමග යවලා තමන්ගේ කෙනාව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කර ගන්නවා. ඇමතිවරු අවුරුදු උත්සවයේ බොරු කීමේ තරගයේ ඉන්නවා වගේ තරගයට බොරු කියනවා.  කෙටියෙන්ම කිව්වොත් ගොබෙල්ස් නැති නම් මේ ආණ්ඩුවත් නෑ.

ගොබෙල්ස් සමරුවට ජනපති ජර්මනියට

ඒ නිසා ඉල්විරු දිනය අමතක කරලා මාලිමාව ගොබෙල්ස් දිනය සැමරිය යුතුයි.  ගොබෙල්ස් සැමරුම කළ යුතු ගොබෙල්ස්ගේ උපන් දිනය වෙන්නේ ඔක්තෝම්බර් 29.  ඔන්න ජනාධිපතිතුමනි, දවස් නවයක් කල් ඇතිව ඔබතුමාට දැනුම් දුන්නා.  

 
දැන් ඉතාම සැලසුම් සහගතව ගොබෙල්ස් සැමරුමක් පවත්වන්න මාලිමාවට පුළුවන්.  තමන්ට ආණ්ඩුවක් ලබා දුන් ජෝසෆ් ගොබෙල්ස්ට උපරිම ගෞරවයක් දක්වන්න ඕනෑ නම් ජර්මනියට ගිහින්ම මේ උපහාර උලෙළ පවත්වන්න පුළුවන්.  ඔබතුමා මේ රටේ කොටි සමරන්න ඉඩ දුන්නත් ගොබෙල්ස් මැරිලා වසර අසූවක් ගියත් තවමත් ජර්මනියේ නට්සින් සමරන්න දෙන්නේ නෑ කියන පාඩමත් ඔබතුමාට ඉගෙන ගන්න පුළුවන්.''
 

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මන්ත්‍රි දීමනා වලට පාන් න්‍යාය අදාළ නෑ - උදය ගම්මන්පිල | The Leader