The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පොලීසිය තවමත් වන්නිනායක ලුහුබඳින්නේ ඇයි?

T

The Leader Desk

October 21, 2025 • 4:12 AM

පොලීසිය තවමත් වන්නිනායක ලුහුබඳින්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.
  • වූට්ලර් පවසා ඇත්තේ ඒ සඳහා ඇති නීතිමය හැකියාවන් මොනවාදැයි සොයා බැලීම සඳහා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නා බවයි.
  • නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මැදහත් පාර්ශ්වයන් පවසනුයේ මෙය සාමදානයෙන් හෙවත් ගොඩින් බේරා ගැනීමට කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතු බවය.
  • නමුත් පොලීසිය මෙහි දී සිදු කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පවසා ඇත්තේ ඒ සඳහා ඇති නීතිමය හැකියාවන් මොනවාදැයි සොයා බැලීම සඳහා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නා බවයි. එහි දී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ නීතිඥවරයකු අතර ඇති වූ ආරවුලකින් පසු රාජකාරියේ යෙදී සිටි රජයේ සේවකයකුට බාධා කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායකට දණ්ඩ නීති සංග්‍රහයේ 183 සහ 334 වගන්ති යටතේ ද චෝදනා එල්ල වී ඇති බවකි.

අධිකරණ ක්‍රියාමාර්ග සහ සිරිත් විරිත්වලට ගරු නොකරන ඕනෑම පුද්ගලයකු අධිකරණ නිලධාරීන් හෝ අධිකරණය තුළ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු බවත්, සිද්ධිය අතරතුර එසේ කිරීමට අපොහොසත් වූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහි දී පවසා තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කිරීමට පොලීසිය නීතිපතිවරයා ඔස්සේ මෙම ලුහුබැඳීම කරනුයේ ඒ අතර ය.

නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මැදහත් පාර්ශ්වයන් පවසනුයේ මෙය සාමදානයෙන් හෙවත් ගොඩින් බේරා ගැනීමට කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතු බවය.

කිසියම් නීති විරෝධී කටයුත්තක යෙදෙන්නකු නීතිය ඉදිරියට පැමිණවීම පිළිබඳ කිසිදු අවුලක් නැත. නමුත් පොලීසිය මෙහි දී සිදු කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද? යන්න නීතිපතිගෙන් විමසීමකි. මෙය හරියට කකුල් සඳහා සපත්තු සොයනු වෙනුවට සපත්තු සඳහා කකුල් සොයන්නා සේය.

එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට සේම දෙපාර්ශ්වයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් පසන් අමරසේන ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයා නියෝග කොට ඇති අතර නොවැම්බර් මස 17 වැනි දින නැවත නඩුව කැඳවීමට ද නියෝග කොට තිබේ.

එමෙන්ම නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිසියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සහ පොලිස් විමර්ශනවලට දායක වී නොමැති බවට කරුණු වාර්තා කරමින් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් ඔහුට එරෙහිව ඉකුත් 13 දා දින වෙනම නඩුවක් ගොනු කරන ලදී. මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඊට පරිබාහිර එකකි. එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපල්වරයාට අධිකරණය මඟින් ඇප හිමිවීමත් සමඟ අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඔහු රැස්ව සිටි පිරිස් විසින් පිළිගෙන මල්මාලා පැළඳ ඔසවාගෙන යෑමට ද කටයුතු කිරීම අප විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ය.

ඒ කෙසේ හෝ ඉහත සඳහන් සිදුවීමට අදාළව අධිකරණ පරිශ්‍රයක් තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකගේ හැසිරීම කෙසේ වත් අනුමත කළ නොහැක. විශේෂයෙන් වෘත්තීය වශයෙන් පරිණත නීතිඥවරයකු වන ඔහු තමන්ගේ සේම තම නීතිඥ ප්‍රජාවගේ ගෞරවය ගැන සිතිය යුතුව තිබිණ. එහෙත් මෙය ඔහු තම කනිටු නීතිඥවරයකුට පොලීසියෙන් එල්ල වූ බව පැවසුණු ප්‍රහාරයක් මුල් කොට හටගත් ප්‍රබල චිත්තාවේගයක් වචන මාධ්‍යයෙන් මුදා හැරීමකි. ඒ හැරුණු කොට සැලසුම් සහගත හා චේතනාත්මක ලෙස කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොවේ. එය සමාජය පුරා ප්‍රසිද්ධ වූයේ අහඹු ලෙස පටිගත වූ දර්ශන සමාජ මාධ්‍යයට එක් වීමත් සමඟිනි.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් සහ පොලිස් වෘත්තිකයන් අතර පැවතිය යුතු වෘත්තීය සමඟිය, ශ්‍රී ලංකාව තුළ විටින් විට අභියෝගවලට ලක්වන බව රහසක් නොවේ. යුක්තිය ඉටු කිරීම උදෙසා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් සහ විමර්ශන සිදුකරන පොලිසිය යනු අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ප්‍රධාන පාර්ශ්වයන් වේ. තරාදියක දෙපැත්තක් බඳු එම දෙපාර්ශ්වය යුක්තිය නිසි ලෙස ඉටුවනුයේ නීති රාමුව තුළ, එකිනෙකාගේ වගකීම්වලට ගරු කරමින් කටයුතු කළ විට පමණි.

 පොලිසිය අපරාධ මැඩලීම සහ විමර්ශනය කිරීම සිය ප්‍රධාන කාර්යය ලෙස සලකන අතර, නීතිඥයා විමර්ශනයේදී සැකකරුවෙකුගේ නීතිමය අයිතිවාසිකම් සුරැකීම, නීතිඥයාගේ කාර්යභාරය වේ. මෙම වගකීම්වල පරස්පර විරෝධී ස්වභාවය ඇතැම් විට ගැටුම් ඇති කළ හැකිය. බාහිරින් බලන විට නීතිඥයන් අපරාධකරුවන් නිදහස් කිරීමක් සේ යමකුට පෙනී යන මුත් ඔවුන්ගේ කාර්යභාරය ද මුළුමනින්ම රටේ පවත්නා නීතියට හා වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් මත ස්ථාපිත වන්නකි.

 

gunarathna

එමෙන්ම අපරාධ විමර්ශන සිදු කිරීමේ දී නීතිඥයන්ගේ මැදිහත්වීමට ඉඩ ලබා දීමෙන් දෝෂ රහිත සහ අධිකරණයේදී ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලීසියට අවස්ථාව සැලසේ. නමුත් මෙම වගකීම්වල පරස්පර විරෝධී ස්වභාවය ඇතැම් විට ගැටුම් ඇති කළ හැකිය. ඇතැම් අවස්ථාවලදී, පොලිස් අත්අඩංගුවේ සිටින සේවාදායකයන් හමුවීමට යාමේදී නීතිඥයන්ට බාධා කිරීම්, තර්ජන හෝ අපහසුතාවන්ට ලක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සුලබව වාර්තා වන්නකි. නමුත් ඒවා ප්‍රසිද්ධ කතා බහට ලක් ව නැත.

ඒ අනුව නීතිඥයන්ට බියකින් තොරව ඔවුන්ගේ වෘත්තීය කටයුතු කරගෙන යාමට හැකිවීම ද ඉතා වැදගත්ය. එමෙන්ම නීතිඥයන් සහ පොලිසිය අතර ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳා ගැනීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නීතිඥ සංගම් මට්ටමින් නිලධාරිවාදී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් මේ දක්වාම අප රටේ ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙවන් තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා පොලීසිය මෙම ආරවුල ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් තෙක් ඇදගෙන යාමට මාන බැලීම නීතිඥ සහ පොලිස් විරසකය තව දුරටත් ප්‍රවර්ධනය කරන්නක් බව අපගේ වැටහීම ය. නමුත් මෙම නීතිඥ පොලිස් සහසම්බන්ධතාව මෙලෙස බිඳ වැටීම සමාජයට හිතකර නොවන බව නම් අතිශයින් පැහැදිලි ය.

(vinivida.lk | ෆාතිමා හලල්දීන්)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලීසිය තවමත් වන්නිනායක ලුහුබඳින්නේ ඇයි? | The Leader