එතනෝල් සාන්ද්‍රණ හේතුවෙන් පිළිකා අවදානම වර්ධනය වන බවට සිදු කළ අනාවරණ මත එම පියවර ගෙන තිබේ.
යුරෝපා රසායන ඒජන්සියේ (ECHA) කාර්ය සාධන කමිටුවක් විසින් ඉකුත් 10 දා නිකුත් කළ අභ්‍යන්තර නිර්දේශයකින්, එතනෝල් යනු පිළිකා කාරක සහ ගර්භනී අවධියේ සංකූලතා ඇති කරන විෂ සහිත ද්‍රව්‍යයක් ලෙස නිර්දේශ කෙරිණි. එබැවින්, සනීපාරක්ෂක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා එතනෝල් වෙනුවට වෙනත් ආදේශක භාවිත කළ යුතු බවට නිර්දේශ කර තිබේ.
යුරෝපීය රසායන ඒජන්සියේ ජීවාණුහරණ නිෂ්පාදන පිලිබඳ කමිටුව ලබන මස 25ත් 28ත් අතර රැස්වීමට නියමිතය. එහිදී පවිත්‍රකාරක නිෂ්පාදන සඳහා එතනෝල් වෙනුවට භාවිත කළ හැකි ආදේශක කවරේදැයි නිර්දේශ කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, වෙනත් සුදුසු ආදේශක නොමැති පසුබිමෙක, අදාළ නිෂ්පාදන සඳහා ආරක්ෂාකාරී අවම සාන්ද්‍රනයෙන් එතනෝල් භාවිතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇති බව ද එම ඒජන්සිය දන්වා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එතනෝල් සහ අයිසොප්‍රොපනෝල් දෑත් පවිත්‍රකාරක නිෂ්පාදන සඳහා ආරක්ෂාකාරී ද්‍රව්‍යයක් ලෙස හඳුනා තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/21/2025
මුලාශ්‍රය :
EU weighs ban on ethanol used in hand sanitisers over cancer fears, FT reports




