ඔහු ඊයේ (05) මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එම අවස්ථාවේ දි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූවා
''කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සුළි කුණාටුව ගැන ජනතාව දැනුවත් නොකළ බවට අද වන විට සමහර පුද්ගලයන් චෝදනා එල්ල කරනවා. නමුත් මේ දැනුවත් කිරීම් නොවැම්බර් 11 වැනි දා සිට සිදු කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියට පැමිණ බෙංගාල බොක්කේ කැලඹිලි ස්වාභාවයක් නිසා ගිනිකොණ දිග මුහුදේ අඩු පීඩන කැලඹිලි ස්වාභාවයක් නිර්මාණය වී මිලිමීටර් 100 ඉක්මවන වැසි පැමිණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වන බවත් පසුව එය අඩුපීඩන අවපාතයක් දක්වා වර්ධනය වි සුළි කුණාටුවක් නිර්මාණය විය හැකි බවට රටම දැනුවත් කළා. මේ මාධ්‍ය හමුව පවත්වන විට රට තුළ සැලකිය යුත් වර්ෂාපතනයක් නොතිබූ අවස්ථාවක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානීන් සහ ගොඩැනැගිලි පර්යේෂණ ඒකකයේ ප්‍රධානින් මාධ්‍ය හමු පවත්වා ජනතාවට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූවා. ඔවුන් නොවැම්බර් 11 වැනි දා, නොවැම්බර් 12 වැනි දා, නොවැම්බර් 14 හා නොවැම්බර් 17 වැනිදා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටියා. නොවැම්බර් 21 සහ නොවැම්බර් 22 කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවා මේ කරුණු රටට ඉදිරිපත් කළා. නොවැම්බර් 23 සහ 24 යන දින දෙකේ මෙරට සහ විදේශීය ජනමාධ්‍ය පවා නැවත වරක් ජනතාව දැනුවත් කරමින් කටයුතු කර තිබෙනවා.
කාලගුණය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජන...?
නොවැම්බර් 11 වැනි දා සිට දින නොවැම්බර් 15කට ආසන්න කාලයක් මේ අයහපත් කාලගුණ තත්ත්වය ගැන කරුණු කාරණා හෙළිදරව් වන විට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සක්‍රීය නොවීමට හේතු ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දිගු නොකර ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ ඇති බරපතළ ගැටලු නිවැරදි කර ගත යුතු යි. මෙරට ජනතාව මේ මහා සුළි කුණාටුව නිසා ජීවිත හා දේපළවලින් වන්දි ගෙවා අනාථ වී තිබෙනවා. ක්ෂේත්‍ර රැසක් අඩපණ වී දශ ලක්ෂ ගණනින් අනාථ වී ඇති මොහොතක නිවැරදි ආකාරයට මේ අයහපත් කාලගුණය ගැන කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනය කිරීම වැරැදියි. කරන්න ඔ්නෙ මේ ව්‍යසනයෙන් උගත් පාඩම් ඉගෙන ගෙන වැරදි සාදා නිවැරැදි කර ගැනීම යි.
සහන ගන්න ප්‍රජා කමිටුවේ අවසරයත් අවශ්‍ය ද...?
මෙසේ විපතට පත් ජනතාවට සහන ලබා දීම විනිවිදභාවයෙන් හා නිර්ව්‍යාජව ක්‍රියාත්මක විය යුතු යි. කොලොන්නාව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ බරපතළ වරදක් සිදුව තිබෙනවා. රජයේ නිලධාරී හතර දෙනකු ගේ අනුමැතියට අමතරව තවත් ප්‍රජා කණ්ඩායම් දෙකක අනුමැතිය ලබා ගන්න උත්සාහ කරනවා. රාජ්‍ය නිලධාරීන්ට ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, කොට්ඨාසයේ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිර්දේශයට අමතරව ආපදා කළමනාකරණ කමිටුවේ හා ප්‍රජා සංවර්ධන කමිටු ප්‍රධානියාගේ අත්සන ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ මේ බිම් මට්ටමේ සංවිධාන නිර්මාණය වූයේ දේශපාලනීකරණය වීමෙන්. යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු ආදිය දේශපාලනීකරණය වී ඇති මොහොතක මේ සහන ලබා දීම දේශපාලනයෙන් තොර විය යුතු යි. රජයේ නිලධාරීන්ගේ අත්සන් පමණක් ප්‍රමාණවත්. වෙන අයගේ පසුපස යන මේ දේශපාලනීකරණයට ලක් වන ක්‍රියාවලිය වහා නතර කළ යුතු යි.
මාධ්‍ය මර්දනය කිරීම නිවටකමක්
මේ ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන්න. විපක්ෂය යෝජනා කළේ විපතට පත් ජනතාවට කඩිනම් වේගවත් සේවා ලබා දීම මිස මාධ්‍ය මර්දනයට යොමු වීමට නෙවෙයි. රජය මාධ්‍ය මර්දනය නොකළ යුතු යි. මර්දනකාරී ක්‍රියාවලි දියත් කිරීම සඳහා මේ නීතිරීති උපයෝගී කර නොගත යුතු යි. මාධ්‍ය මර්දනය නොව කාර්යක්ෂම ක්‍රියාවලියක් හරහා විපතට පත් ජනතාවට ලබා දිය හැකි ඉහළම සහන ලබා දිය යුතු යි. එය ඉටු නොකර මාධ්‍ය මර්දනය කිරීම නිවටකමක්.''




