The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් !

T

The Leader Desk

December 9, 2025 • 4:43 AM

රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
  • එම හමුවේදී තීරණය වී ඇත්තේ මෙම ආපදාව නිසා මරණයට පත් වූ තැනැත්තන් සිටි පවුල්වල මූලිකත්වයෙන් නඩුව පැවරීමටයි.
  • මෙම නඩුවේ විශේෂත්වය වන්නේ පළාත් නවයම නියෝජනය කරන නීතිඥවරුන් 1500ක් පමණ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම පෙනී සිටීම බවද වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


* පළාත් නවය නියෝජනය කරමින් නඩුවට පෙනී සිටීම සඳහා නීතිඥවරුන්1500 ක්

* ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ  පක්ෂ සංවිධාන රැසක්ම පැමිණිලිකරුවන් අතර

පසුගියදා සිදුවු නායයාම් සහ ගංවතුර නිසා පුද්ගලයන් සිය ගණනක් මරණයට පත්වි රුපියල් කෝටි දහස් ගණනක දේපළ හානියක් සිදුවීම කල්තබා කළමනාකරණය කොට පාලනය නොකිරීම මානව සංහතියට සිදුකළ අපරාධයක් බැවින් ඊට අදාළ බරපතල චෝදනා ගණනාවක් මත ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සංවිධානය වෙමින් සිටින බව වාර්තාවේ.

මෙයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ ප්‍රමුඛ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක්ද මීට දායකව සිටිති.

මේ සම්බන්ධ මූලික සාකච්ඡාවක් ප්‍රධාන පෙළේ නිති විශාරදයන් සිය දෙනෙකුගේ පමණ සහභාගිත්වයක් පසුගියදා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදි
 පැවැත්විනි.

එම හමුවේදී තීරණය වී ඇත්තේ මෙම ආපදාව නිසා මරණයට පත් වූ තැනැත්තන් සිටි පවුල්වල මූලිකත්වයෙන් නඩුව පැවරීමටයි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රමුඛ මෙයට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සහ නීතිපතිවරයා නම් කිරීමට නියමිතය.

මෙම නඩුවේ විශේෂත්වය වන්නේ පළාත් නවයම නියෝජනය කරන නීතිඥවරුන් 1500ක් පමණ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම පෙනී සිටීම බවද වාර්තාවේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් ! | The Leader