මෙම නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වීමෙන් පසුව, තිළිණ මධුසංඛ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.
නව නිලවරණයෙන් පසුව, තිළිණ මධුසංඛ හට එම පුදබිමේ පූර්ණ කාලීන බස්නායක නිලමේ ධුරය හිමි විය.
රුහුණු මහ කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස පත්වීමත් සමඟ, තිළිණ මධුසංඛ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කිරීම විශේෂත්වයකි.
මෙම පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේවාල දෙකක බස්නායක නිලමේ ධුරය එකවර දැරීමේ වගකීම මොහුට පැවරි ඇත.




