The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියා-ජපාන සංසදයේ හතරවන සැසියෙදී මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ආධාර ඉල්ලයි

T

The Leader Desk

December 9, 2025 • 3:13 PM

ඉන්දියා-ජපාන සංසදයේ හතරවන සැසියෙදී මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ආධාර ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිලින්ද මොරගොඩ එහි ආරාධිතයෙකු වශයෙන් සහභාගී වී සිටී.
  • ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.
  • සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී ඇත.
  • උපායශීලී හවුල්කරුවකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද මිලින්ද මොරගොඩ සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මිලින්ද මොරගොඩ එහි ආරාධිතයෙකු වශයෙන් සහභාගී වී සිටී. ඉන්දීය විදේශ අමාත්‍යංශය සහ අනන්තා පදනම මෙම සංසදය සංවිධානය කරයි.

ඉන්දියාවට නායකත්වය ගත හැකි අවස්ථාවක්

මෙම සැසිය අතරවාරය් දී  මිලින්ද මොරගොඩ: ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.

සුළි කුණාටු  විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී ඇත.

උපායශීලී හවුල්කරුවකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි  බව ද මිලින්ද මොරගොඩ සඳහන් කර ඇත.

රටවල් අතර ද්වි පාර්ශවික හා බහු පාර්ශවික සබඳතා

ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාව තුළින් ආර්ථීක ආරක්ෂාව, වෙළඳාම, න්‍යෂ්ටික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලුතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මෙම සංසදයේ සිය දේශනය අතරතුර තවදුරටත් සඳහන් කර ඇත.

දෙරට අතර ඉහළ පෙළෙහි නායකත්වයට රටවල් අතර ද්වි පාර්ශවික හා බහු පාර්ශවික සබඳතා උපායශීලීව ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉදිරියේ පවතින බව ද ඉන්දීය -ජපාන සංසදය දක්වා ඇත.

fgh5674

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...