සිදුවීම කල්තබා කළමනාකරණය කොට පාලනය නොකිරීම මානව සංහතියට සිදුකළ අපරාධයක් බැවින් ඊට අදාළ බරපතල චෝදනා ගණනාවක් මත ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සංවිධානය වෙමින් සිටිති.
මෙයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
මේ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රශ්න කර සිටින්නේ, විපක්ෂය මෙවැනි කාලගුණ අනතුරක් කල් තියා දැක්කා නම් නොදන්වා සිටියේ ඇයිදැයි කියායි.
එසේ නම් නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බවද ඔහු කීවේය.
එවැනි අනතුරක් දැනගත්තා නම් එය අනාවරණය නොකිරීමෙන් විපක්ෂය ලොකුම වරද කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සුළි කුනාටුවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර නොතිබූ බව ප්‍රකාශ කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ එකම මන්ත්‍රීවරයකු හෝ මේ පිළිබඳව හෙළි නොකළ බවත් ඔහු පැවසීය.
සබැඳි පුවත් :
රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් !




