12 වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර හා දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එලෙස නඩු කටයුත්තෙන් ඉවත් වී තිබේ.
පසුගිය 26 වන දා එම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙරවරු 9:30ට කැඳවා පස්වරු 4:45 පමණ වනතුරු පැවති අතර එහිදී පැමිණිල්ල විසින් එම නඩු කටයුත්තට පාදක වූ ලේඛන රැසක් විත්තියට ලබා දෙන ලදී.
එකී ලේඛන හා මින් පෙර ලබා දී ඇති පිටු දහස් ගණනකින් සමන්විත සාක්ෂි සම්පිණ්ඩන, පැමිණිල්ලේ සාක්ෂි ලේඛන පිටපත් ඇතුළු ලේඛන හා ඒවා සසදා බලා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට හා නඩු විභාගයට සූදානම් වීමට හා සියලු ලේඛන ලැබී ඇති දැයි අධිකරණයට ඉඩකඩ සලසමින් දින කිහිපයක් නඩුව කැඳවන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතිය තහවුරු කිරීම අධිකරණයේ වගකීම බව ත් පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් එම ඉල්ලීම කළ අතර මින් පෙර තමන් භාර ගත් විශේෂ නඩු කටයුතු කිහිපයක් ද පසුදින 27 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ හමුවේදී කැඳවීමට නියමිත බව ත් පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් එම ඉල්ලීම කළහ.
අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුතු සාධාරණ අයුරින් ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ අධිකරණ විනිසුරුවරුන්ගේ මෙන් ම විත්තිය ඇතුළු සෙසු පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන්ගේ ද එකඟතාව මත දින නියම කිරීමෙන් බව ත් පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් පිරිසක් කළ එම ඉල්ලීම නොතැකූ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පසුදින 27 වන දා පෙරවරු 11:00ට එම නඩුව කැඳවීමට දින නියම කළේ ය.
ඒ අනුව, තමන්ට සිය සේවාදායකයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉඩකඩ අහිමි වී ඇති බව ත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි එම නඩු කටයුත්තෙන් ඉවත් වී තිබූ අතර එකී කරුණු ම පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ද පසුගිය 3 වන දා නඩු කටයුත්තෙන් ඉවත් වී තිබිණි.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාරගෙන් සැදුම්ලත් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව කැඳවිණි.
| Mawbima




