The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා ආපදාවෙන් අතුරුදන්වූවන්ට මරණ සහතික

T

The Leader Desk

December 10, 2025 • 9:57 AM

දිට්වා ආපදාවෙන් අතුරුදන්වූවන්ට මරණ සහතික

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මෙම ආපදා තත්ත්වය නිසා මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
  • ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා අයැදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ලැබ තිබේ.
  • එම ආපදා තත්ත්වය නිසා මේ වන විට මියගිය බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 611 දෙනෙකු අතරින් 126 දෙනෙකු සඳහා මරණ ලියාපදිංචි සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂී දේවි ජලදීපන් වැඩිදුරටත් සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය 02 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් ජෙනරාල් ශෂී දේවි ජලදීපන් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ආපදා තත්ත්වය නිසා මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඇති බවත් මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයකු, ඥාතියකු හෝ මිතුරකු අතුරුදහන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබේ.

ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා අයැදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ලැබ තිබේ.

එම ආපදා තත්ත්වය නිසා මේ වන විට මියගිය බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 611 දෙනෙකු අතරින් 126 දෙනෙකු සඳහා මරණ ලියාපදිංචි සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂී දේවි ජලදීපන් වැඩිදුරටත් සඳහන් කළාය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...