The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා කළමනාකරණයට විද්වතුන් හවුල් කරගන්න - සාධාරණ සමාජයෙන් රජයට ඉල්ලීමක්

T

The Leader Desk

December 10, 2025 • 10:58 AM

ආපදා කළමනාකරණයට විද්වතුන් හවුල් කරගන්න - සාධාරණ සමාජයෙන් රජයට ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශගුණික අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කරු ජයසූරිය පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැවැන්ත අරමුදල් සහිත ජාත්‍යන්තර ආයතන ගණනාවක ඉහළ වගකීම් දරන ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් සිටින බවයි.
  • එමෙන්ම, පරිසර ආරක්ෂණය වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභියෙකු ද ශ්‍රී ලංකාවෙන් බිහිව සිටීම භාග්‍යයක් කොට සලකා, එම පිරිස් හා ආයතන හරහා රටට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණික සහාය ලබා ගැනීමට හැකි බව ද නිවේදනයේ සඳහන් වේ.
  • දැනටමත් රටවල් කිහිපයක් එවැනි ආයතන හරහා පහසුකම් ලබාගෙන ඇති බව ද කරු ජයසූරිය අවධාරණය කරයි.
  • අනාගත අභියෝග සහ ආර්ථික විනාශය මෑතකදී ඇති වූ සුළි කුණාටු සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, ස්වේච්ඡා සංවිධාන සහ පොදු මහජනතාව සිදු කරන කැපවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ව්‍යාපාරයේ නායක, දේශමාන්‍ය කරු ජයසූරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් 2004 සුනාමි ව්‍යසනයේ සිට වර්තමාන කාලගුණික විපර්යාස දක්වා වූ අත්දැකීම් පදනම් කරගෙන මෙම දීර්ඝකාලීන වැඩපිළිවෙළ සකස් විය යුතු බව එයින් පෙන්වා දී තිබේ.

දේශගුණික අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කරු ජයසූරිය පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැවැන්ත අරමුදල් සහිත ජාත්‍යන්තර ආයතන ගණනාවක ඉහළ වගකීම් දරන ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් සිටින බවයි.

එමෙන්ම, පරිසර ආරක්ෂණය වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභියෙකු ද ශ්‍රී ලංකාවෙන් බිහිව සිටීම භාග්‍යයක් කොට සලකා, එම පිරිස් හා ආයතන හරහා රටට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණික සහාය ලබා ගැනීමට හැකි බව ද නිවේදනයේ සඳහන් වේ. දැනටමත් රටවල් කිහිපයක් එවැනි ආයතන හරහා පහසුකම් ලබාගෙන ඇති බව ද කරු ජයසූරිය අවධාරණය කරයි.

අනාගත අභියෝග සහ ආර්ථික විනාශය

මෑතකදී ඇති වූ සුළි කුණාටු සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, ස්වේච්ඡා සංවිධාන සහ පොදු මහජනතාව සිදු කරන කැපවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙවැනි විපත් මඟින් සිදුවන ආර්ථික හා භෞතික විනාශයන් තවදුරටත් දරා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව වැනි රටකට නොමැති බව කරු ජයසූරිය දැඩිව අවධාරණය කරයි.

පනත ශක්තිමත් කිරීමට සහ දේශපාලන එකඟතාවට ඇරයුම්

ආපදා තත්ත්වයන් හමුවේ සිදුවන විනාශයන් අවම කර ගැනීම සඳහා 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, වර්තමාන ආපදා කළමනාකරණ කටයුතු එම පනතේ විධිවිධානවලට අනුකූලව සිදු කිරීමේ වැදගත්කම බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අවසාන වශයෙන්, ජාතික ව්‍යසනයන්හිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් පොදු සම්මුතියකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...