ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ නැති බව පැහැදිලිවම පවසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 09 වෙනිදා සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
යම් අඩුපාඩු තිබුනත් බයවෙන්න එපා
''දැන් රටේ මතුවෙලා තිබුන ආපදා තත්ත්වයට සහන ලබාදීම සඳහා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ගැන අපි දැන් කතා කරලා වැඩක් නෑ; ඒක ජනතාව දන්නවා. නමුත් ආපදාවට ලක්වූවන්ට පසු ආපදා තත්ත්වයක දී ඉතාම ආකර්ෂණීය පැකේජ් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක ගැන සතුටු වෙනවා. ඉතින් ඔය කියන දේවල් ලබා දෙන්න කියලා තමයි අපි රජයට යෝජනා කරන්නේ. එහෙම නැතුව ගියපාර අයවැය ඉදිරිපත් කරද්දී ජනාධිපතිතුමා කිව්වා ඕන තරම් සල්ලි දාලා තියෙනවා කියලා ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඔන්න භාණ්ඩාගාරය උතුරන්න සල්ලි තියෙනවා කියලා. බැලින්නම් වෙන්කරපු සල්ලිවලින් වැඩ කරලා නැතුව සල්ලි ටික හැරිලා ගිහිල්ලා භාණ්ඩාගාරයට.
දැන් ආපදාවටත් කිව්වා ඕන තරම් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. හැබැයි එක චක්‍රලේඛනයක්වත් වෙනස් කරේ නැහැ. ඒ මුදල් වියදම් වෙලත් නැහැ. ඒ වගේම තමයි දැන් ඇවිල්ලා 25000 දෙනවා කියනවා 50000 දෙනවා කියනවා ලක්ෂ දෙනවා කියනවා ලක්ෂ 50 දෙනවා කියනවා . අපි කියනවා කතාව කතාව මාරු කරන්න එපා. දැන් කියන්න පටන් අරගෙන තියෙනවා එකපාර දෙන් නෑ කියලා. රාජ්‍ය සේවකයින් මේ මුදල් ජනතාවට ලබාදීම සඳහා ඔබ ගන්නා වූ කිසිදු පියවරකට අනාගතයේ අපි අපේ රජයක් යටතේ ඔබට විරුද්ධව ක්‍රියා කරන්නේ නැත කියන එක පැහැදිලිවම කියන්න කැමතියි. මොකද මේකේ සීයට සීයක් ම බල බලා මේ කොළ පුරවලා කොලේ ACCURATE දෙන්න බෑ. යම් යම් එහා මෙහා වෙන්න පුළුවන්. ජනතාවට නිසියාකාරව මුදල් අපි දීමේ දී සිදුවෙන යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට බයවෙන්න එපා කියල විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදියට ඊළඟ ආණ්ඩුව හදන පක්ෂය විදියට අපි ඔබට කියන්න කැමතියි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පොලී රහිත අවුරුද්දක ණයක් ලබා දෙන්න
එනිසා අපි කියන්න කැමතියි කෙනෙකුට දුවන්න දුන්නහම කකුල් දෙක ගැට ගහලා දුවන්න දෙන්න එපා. එනිසා අපි මේ සහන පැකේජ් එක දෙන ගමන්ම කියනවා වගේ ඇහුණා නිකන් මේ දිය යුතු අයට දෙන්න නොදීය යුතු අයට නොදෙන්න. මේකෙ මේ document තියාගන්න. වගකීම ප්‍රාදේශීය ලේකම්ට හෝ අදාළ බලධාරියාට තියෙන්නේ. ඉතින් එහෙම කියලා රාජ්‍ය නිලධාරින් බය කරන්න එපා. ඔබ බය වෙන්න එපා. මේක දෙන්න බය වෙන්න එපා. නොදෙන්න තමයි බය වෙන්න ඕන කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මොකද හේතුව ආයේ මාස තුනකට පස්සේ මේ සල්ලි ටික නැවත භාණ්ඩාගාරයට හරවලා ගියොත් වැඩක් නෑ. ජනතාවට ලැබෙන දේකුත් නැහැ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේකෙන් අසරණ වෙලා ඉන්නවා. ඒ අයට නැවත නැගිටින්න භාණ්ඩාගාර ගැරන්ට් එකක් අරගෙන වාණිජ බැංකුවලට කියන්න ඔවුන්ට අවුරුද්දක පොලී රහිත ණයක් ලබා දෙන්න කියලා ඉවර වෙලා. මොකද රටේ ආර්ථිකයේ කොදු නාරටිය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. එනිසා රජයට විශාල වගකීමක් තියෙනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ව නැගිට්ටවන්න. මොකද ඒක චේන් එකක් වගේ එක ව්‍යාපාරයක් නැගිටිනවා කියලා කියන්නේ තවත් ව්‍යාපාර දහයකට විතර ඒක බලපානවා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යයි.
කටින් බතල කොළ හිටවන්න එපා
දැන් බලන්න මං ඔබතුමන්ලාට පෙන්නන්නම්. දැන් මේ ආපදා තත්වයට තොරතුරු ලැබිය තිබිය දී සූදානම් නොවීම ගැන අපි කතා කරා. දැන් ඒක නැවත කතා කරලා වැඩක් නෑ. ඒකට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම තමයි සිදුවිය යුත්තේ. ඊළඟට දැන් ආපදා කළමනාකරණය පිළිබඳව අත්දැකීම් තියෙන විපක්ෂයක් විදියට අපි කියපු දේ ඇහුවේ නෑ. දැන් තවම පසු ආපදා තත්ත්වයෙ ගංවතුර බැහැලා ගියාට පස්සේ ඉතාම ඉක්මනින් කුණු ටික අයින් කරලා විෂබීජ හරනයට ලක් කරනන් ඕන. අද මේ මොහොත වෙද්දිත් ඔබට මම පෙන්නන්නම් සාක්ෂි සහිතව කොලොන්නාවේ ආසනයේ තැන් තැන්වල පාරවල් දිගේ කුණු ගොඩ ගහලා තියෙන විදිය. යාන්ත්‍රණයක් නැහැ නිසියාකාරව.
මේක හරි නම් සිවිල් ආරක්ෂක නිලධාරීන් හරි හමුදා නිලධාරීන් හරි දාලා අනිකුත් පළාත්වල තියෙන ප්‍රාදේශීය සභාවලින් ගෙනල්ලා ඒ ප්‍රදේශ බලලා මේක ජාතික මෙහෙයුමක් විදියට කරන්න ඕන. ඔබ බලන්න අද තවමත් ගන්ධස්කාර බැහැ. මදුරුවෝ බෝ වෙලා . පාරෙ යන්න විදියක් නෑ අතුරු පාරවල්වල. කටින් බතල කොළ හිටවන්නැතුව මේ වැඩේ කරන්න. මොකද මම දැක්කා අර ගුරු තරුව එක්කෙනෙක් ඉන්නවනේ. එයා කියනවා මේ ජේවීපී එකට හැමදාම මතක මේ කඩාකප්පල් ක්‍රියා කරන එක විතරයි. අනුන් වැරදියි කියන එක විතරයි මතක. එයා හිතන් ඉන්නවද දන්නෑ ගුරු තරු එයා තාම විපක්ෂ කියලා. එයා මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති. ඒ නිසා තැන් තැන් වල වාචාල කතා දොඩව දොඩව ඉන්නැතුව ගිහිල්ලා මේ කුණු ටික හරි අස් කරලා දෙන්න මිනිස්සුන්ට.
ඩොලර් මිලියන 3000ක් අවශ්‍යයි; එකතු වෙලා තියෙන්නෙ 20යි
ඒ වගේම තමයි මේ සහනවලට විශාල මුදලක් අවශ්‍යයි. ඒ වගේම අපිට ආරංචි යටිතල පහසුකම්වල පාඩුව විතරක් දළ වශයෙන් ඇස්තමේන්තු කරලා තියෙනවලු රු.බිලියන 900ක්. රට රටවල්වලින් ආධාර ලබා දෙනවා. හැබැයි පොඩි ගාණයි. බිලියන නමසිය කියලා කියන්නේ ඩොලර් මිලියන 3000ක්. දැන් ඔක්කොම එකතුවෙලා තියෙන විදිහට මට තේරෙන විදියට අපි මාධ්‍යයෙන් දැක්ක විදියට ඩොලර් මිලියන 3000ක් අවශ්‍ය තැනට විස්සක්වත් එකතු වෙලා නෑ.
මේ සහන ලබාදෙන්න 25000 50000 ලක්ෂ පනහ ලක්ෂයේ කෝටි ගණන් දෙනවා කියලා තියෙනවානේ. මිලියන දහදාහක් එකතු කරන ක්‍රමයක් මීට කලින් මං කියපු එකක් ආයි නැවත සාක්ෂි සහිතව මතක් කරන්නම්. දැන් මේකට ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
පොල් තෙල් ගනුදෙනුව ඩීල් එකක් ද...?
දැන් ලංකාවට පොල්තෙල් ගේනකොට VAT එකයි SSCL එකයි ගහන්න ඕනේ. කස්ටම් එකෙන් ඒ කියන්නේ ලංකාවට පිරිපහදු නොකළ පොල්තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා මාකට් එකට දානකොට VAT එක ගෙවන්න ඕන. පිරිපහදු කරපු ඒවා ගේනකොට එතනින්ම ගහනවා. ඒ නිසා පිරිපහදු නොකරලා ගේන කට්ටිය ගිය අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මේ බදු ගෙවන්නේ නෑ. සියයට විස්සයි දශම පහක් (20.5%). විශේෂයෙන් ම මම කියන්නම් ගිය අවුරුද්දේ ඔවුන් මේ බදු නොගෙව ඉඳලා 2024 -07-31 වෙනිදා එවකට මුදල් අමාත්‍යවරයාට ලියනවා මේ බදුවලට සහන ලබාදෙන්න කියලා. මම ගණන් ඉලක්කම් සහිතව මේක පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරා. අද වෙනකොට බදු ගෙවන්න ඕන ඔවුන් මිලියන 10000ක්, බිලියන 10කට වැඩියි.
ඇත්තවශයෙන්ම මේ පිළිබඳව 2020 ජනවාරි මාසෙ 16 වෙනිදා මෙතන තිබිච්ච මාධ්‍ය හමුවේ කතා කළා. ඊට පස්සේ ජනවාරි මාස 22 වෙනිදා පාර්ලිමේන්තුවේ මගේ කතාවෙ දි මම මේක පිළිබඳව කතා කළා. පෙබරවාරි මාසේ පස්වෙනිදා අග්‍රාමාත්‍යතුමිය ගෙන් අහන ප්‍රශ්න වටේ දී අග්‍රාමාත්‍යතුමිය ගෙන් විමසීමක් කරාම එතුමිය පැහැදිලිව කිව්වා මේ බදු ගෙවන්න ඕන, බදු අය කරගන්නවා අනිවාර්යෙන්ම කියලා . අද වෙනකම්ම මුතුක් නෑ. ඊට පස්සේ මාර්තු 19 වෙනිදා මගේ පාර්ලිමේන්තු කතාවේ දීත්, මාර්තු 21වෙනි දා පාර්ලිමේන්තු කතාවේ දීත් ඊළඟට ඔක්තෝබර් මාසේ 8 වෙනිදත් මම මේක මතක් කරා. ඊළඟට වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහගෙනුත් මම මේක ගැන ප්‍රශ්නයක් ඇහුවා. අය කරගන්නවා කිව්වා. අද වෙනකන් අය කරගෙන නැහැ. මේක ඩීල් එකක්ද කියලා මට සැකයක් තියෙනවා.
රජයට අයවිය යුතු බදු අය කර නොගන්නේ ඇයි...?
මම ඊට පස්සේ මේ මෑතකදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමාට සියලු ඩොකියුමන්ට් යැවුවා. දැන් මේක කරගන්නවා නම් මේ වෙනකොට estimate එක හදලා. මේ වෙනකොට ඒක වෙලත් නෑ. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි රුපියලක්වත් හොරකම් කරන් නෑ කියනවනේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව, හොරකම් කරන අය ඉන්නවා ඒක පස්සේ අපි කතා කරමු. එතකොට හොරකම් කරන් නැත්තං මේ රජයට අයවිය යුතු බදු අය නොකර ගන්නේ ඇයි? එක්කෝ මේගොල්ලෝ පැලවත්ත අරමුදලට උදව් කරලා තියෙනවද ? එහෙම නැත්නම් කවුරුහරි ඇමතිවරයෙක් ඒව ඒගොල්ලන්ගේ සාක්කුවට දාගෙන ඉන්නවද? ඒ නිසා මේ අවස්ථාවේ දී ජනතාවට සහන ලබාදෙන්න රුපියල් මිලියන 100000ක් මේ බදු වංචාවෙන් පොල්තෙල් බදු වංචාවෙන් හොයා ගන්න පුළුවන්.
අපි අභියෝග කරනවා ආණ්ඩුවට පුළුවන් නම් අය කර ගන්න, හැකි ඉක්මනින් කියන අභියෝගය අපි කරන්න කැමතියි මොකද මට ප්‍රශ්නයක් තියෙනවා අගමැතිතුමිය අය කරගන්නවා කියලා , වෙළඳ ඇමති අය කර ගන්නවා කියලා පිළිඅරගෙන මේ සමාගම් මේ VAT එක ගෙවන්න liable කියලා ඉවර වෙලා ලිඛිතව මුදල් අමාත්‍යාංශය දැනුම් දීලා තියෙද්දි මේවා අය කරගන්නේ නැත්තේ මොන හස්තයක් ද වැඩ කරන්නේ කියලා මම දන්නේ නෑ. ඒ නිසා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න මේ මුදල් කඩිනමින් අය කරගන්න කියන එක ආණ්ඩුවට කියන්න කැමතියි.''




