The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද්ධය අවසන් වූ පසු බලයට පත් කිසිම ආණ්ඩුවක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව යුක්තිය ඉටු කර නැහැ - ඉන්ද්‍රානන්ද ද සිල්වා

T

The Leader Desk

December 10, 2025 • 3:32 PM

 යුද්ධය අවසන් වූ පසු බලයට පත් කිසිම ආණ්ඩුවක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව යුක්තිය ඉටු කර නැහැ - ඉන්ද්‍රානන්ද ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සැම ආණ්ඩුවක් ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව කිසිඳු යුක්තියක් ඉටු කිරීම සදහා මැදිහත් වී නැතැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අරමුණු කරගනිමින් සහ " ලලිත් - කුගන් ඇතුළු සියලු අතුරදන් වූවන්ට යුක්තිය ඉටුකරනු " තේමාවෙන් අද (10 ) සම අයිතිය ව්‍යාපාරය කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
  • මේ කාලය ඇතුළෙ ආණ්ඩු හතරක් බලයට පත් වුණා.
  • ඒ වගේම තමයි ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සැම  ආණ්ඩුවක් ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව කිසිඳු යුක්තියක් ඉටු කිරීම සදහා මැදිහත් වී නැතැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අරමුණු කරගනිමින් සහ " ලලිත් - කුගන් ඇතුළු සියලු අතුරදන් වූවන්ට යුක්තිය ඉටුකරනු " තේමාවෙන් අද (10 ) සම අයිතිය ව්‍යාපාරය කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...

cfgyh56fr

පුද්ගල අතුරදන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු අය අදටත් යහතින්

 "අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය. හැබැයි අද ගොඩක් අයට මේ දිනය අමතක වෙලා. අපි අද එකතුවෙලා ඉන්නේ ඒ අමතක කරවන්න උත්සහ කරන අතීතය නැවත උඩට ගන්න. අපි දන්නවා පසුගිය කාලයක් තිස්සේ මේ රටේ මානව හිමිකම් කඩකිරීම්, පුද්ගල පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් වුණා. නමුත් ඒ කිසිවකට මේ වෙනකල් යුක්තියක් ඉටු වෙලා නැහෑ. බලයට පත් වෙන සියලු ආණ්ඩු ඡන්දෙ ගන්න කොට විවිධ පොරොන්දු අපිට දෙනවා. හැබැයි බලයට ආවට පස්සේ ඒගොල්ලන්ට තමන් දීපු පොරොන්දු අමතකයි. නැත්තම් ඕන කමින් අමතක කරනවා.

නමුත් සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි ඒ අඳුරු අතීතය සිහිනයක් විදිහට සලකලා අමතක කරන්න සූදානම් නෑ. මේ සියලු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව විධිමත් විමර්ශනයක් දැන්වත් කෙරෙන්න ඕන. සිද්ධවුණේ මොකක් ද කියලා අපි දැනගන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ පුද්ගල අතුරුදන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු අය අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා ඉවරයි. මේ කාලය ඇතුළෙ ආණ්ඩු හතරක් බලයට පත් වුණා. හැබැයි ඒ හැම ආණ්ඩුවක්ම මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කිසිඳු යුක්තියක් ඉටු කරන්න මැදිහත් වෙලා නෑ.

ලලිත් කුගන් අතුරුදන් කිරීමට වග කිව යුත්තේ ගෝඨාභය

අපි දන්නවා ජාතික ජන බලවේග  ආණ්ඩුව බලයට ආවේ දේශපාලන පොරොන්දු ගණනාවක් ජනතාවට ලබා දීලා.  එක්නැලිගොඩ ඝාතනය, ලලිත් කුගන් අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය යනාදි පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ වුණ ඝාතන සහ අතුරදන් කිරීම්වලට යුක්තිය ඉටු කරනවා කියලා ඔවුන් කිව්වා. ඒ වගේම තමයි ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා. හැබැයි අදටත් ඒ ප්‍රකාශ හුදු කතන්දරවලටම විතරක් සීමා වෙලා. අර ජන බලයට බයේ පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂ තමයි ලලිත් කුගන් අතුරදන් කිරීමට වග කියන්න ඕන. හැබැයි දැන් ඒ ගෝඨාභය යාපනය උසාවියට එන්නෙ නෑ සාක්ෂි දෙන්න. ඔහු උසාවිය මගහැරලා ඉන්නේ. ආණ්ඩුවට තවම බැරි වුනා ඊට එරෙහිව පියවරක් ගන්න.

බලය ලැබුණ ද කිසිවක් ම නොකරන මාලිමා ආණ්ඩුව

ලෝකේ මානව හිමිකම් ගැන කතාකරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තියනවා මානව හිමිකම් කවුන්සිලයක්. හැබැයි ඒගොල්ලන්ටත් මානව හිමිකම් මතක් වෙන්නේ සැසිවාරය තියන කාලයට විතරයි. අනිත් කාලෙදි උගුරට හොරා බෙහෙත් බොන එක තමයි කරන්නේ. අදටත් මඩකළපුව මුලතිව් ප්‍රදේශවල ජනතාව දින 2000කට වැඩි සත්‍යග්‍රහයක ඉන්නවා. තිස් අවුරුදු යුද්දේ ඇතුළෙ ඒ පවුල්වල අම්මලාට තමන්ගේ දරුවව අහිමි වෙලා. දරුවන්ට තමන්ගේ තාත්තව අහිමි වෙලා. බිරිඳට සැමියට තමන්ගේ සහකරුවා සහකාරිය අහිමි වෙලා. අදටත් ඒ මිනිස්සු හොයනව තමන්ගේ දරුවට, තාත්තට, බිරිඳට සැමියට මොකද වුණේ කියලා.  උතුරේ විතරක් නෙමෙයි පසුගිය 71 කාලේ 88 - 89 කාලේ දකුණෙත් දහස් ගණනක් අතුරදන් වුණා.

දැන් බලයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාව පණපිටින් බොරැල්ල අදාහනාගාරෙට දාලා පිච්චුවා. ඒ අපරාධකරුවෝ අදටත් ඉන්නේ නිදැල්ලේ. හැබැයි බලය ලැබිලත් මේ ආණ්ඩුවට මුකුත්ම කරගන්න බැහැ. අඩුමතරමින් තමන්ගේ පක්ෂයේ දහස් ගණනක් බටලන්ද වධකාගාරයේ තියාගෙන දස වද දීලා මරපු රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රි‍යාත්මක කරගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.

කොළඹ වරාය පරිශ්‍රයේ සමූහ මිනී වළ වසා දැමීමේ සූදානමක්

පසුගිය දිනවල කොළඹ වරාය පරිශ්‍රයෙන් සිය ගණනක් ඇටසැකිලි හමු වුණා. අනිත් පැත්තෙන් යාපනය චෙම්මනි සමූහ මිනී වළෙන් පුංචි ළමයි ඇතුළු ඝාතනය වූවන් ගේ සිය ගණනක් ඇටසැකිලි මතු වෙනවා. දැන් ඔන්න ඒක යටගහන්න වැස්සට වතුර පිරෙනවා කියලා කැණීම් නවත්තනවා. මේ පාලකයෝ දන්නවා මේවා ගැන විධිමත් විමර්ශනයක් වුනොත් මොකද වෙන්නේ කියලා. ඒ ඉරණම දන්න නිසා තමයි මේවා යට ගහන්නේ හමුදාව පොලීසිය පවා මේවට හවුල් වෙලා ඉන්නේ. දැන් මේ රටේ ජනතාව තමන්ගේ ප්‍රශ්නවලට සාධාරණයක් ඉටු වෙයි යුක්තිය ඉටු වෙයි කියලා බලාගෙන හිටියා ඇති. උතුරේත් දකුණේත් සියලු අතුරදන් කිරීම්වලට ඝාතනවලට එරෙහිව යුක්තිය ඉල්ලා සඨන් කරන්න අපි සියලු දෙනා එකතුවෙලා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන. අන්න ඒ සඳහා එකතුවෙමු කියලා මේ මානව හිමිකම් දිනය දවසේ අපි රටේ සියලු ජනතාවට යෝජනා කරනවා. "

මෙම මාධ්‍ය හමුව සඳහා පසුගිය කාලයේ අතුරදන් වූ සහ ඝාතනය වූවන්ගේ පවුල්වල පිරිසක් ද එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...