The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා ගැන විපක්ෂ නායක කාර්යාලයට කියන්න

T

The Leader Desk

December 10, 2025 • 3:44 PM

ආපදා ගැන විපක්ෂ නායක කාර්යාලයට කියන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් අද (10) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරනු ලැබීය.
  • ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණ වන අතර, විපතට පත් වූ පිරිස් වලට සෘජුවම සිය ගැටලු‍ සහ අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ වට්ස්ඇප් ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා ඇත.
  • ඒ සඳහ‍ෙ ( 0759 570 570, ( 0761 660 570, ( 0705 699 110 යන දුරකථන අංක හඳුන්වාදී තිබේ.
  • මෙම තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාල අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු කරනු ඇති බවත්, තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් විපක්ෂ නායක කාර්යාලය, මධ්‍ය අංශය විසින් කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්  අද (10) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරනු ලැබීය.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණ වන අතර, විපතට පත් වූ පිරිස් වලට සෘජුවම සිය ගැටලු‍ සහ අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ වට්ස්ඇප් ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා ඇත.

ඒ සඳහ‍ෙ

( 0759 570 570,

( 0761 660 570,

( 0705 699 110 යන දුරකථන අංක හඳුන්වාදී තිබේ.

මෙම තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාල අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු කරනු ඇති බවත්, තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත්  විපක්ෂ නායක කාර්යාලය, මධ්‍ය අංශය විසින් කියා සිටී.

ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීම අරමුණු කර ගෙන මෙම මධ්‍යස්ථානය ආරම්භ වූ බවත් රජයෙන් ජනතාව වෙත ලබා දෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටලු පවතින අයට එම ගැටලු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් මේ මධ්‍යස්ථානය මඟින් ආධාර නොලැබුණු පාර්ශ්වයන් සහ රාජ්‍ය පාර්ශ්වයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සම්බන්ධීකරණය කිරීම ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් ප්‍රසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දෙන සහන චක්‍රලේඛයක් ඇති නිසා එම චක්‍රලේඛ නිරීක්ෂණය කර ප්‍රතිලාභීන් සහ සංවිධාන ජාල එකිනෙක සම්බන්ධ කර සහන කටයුතු විධිමත්ව ලබා දීමට මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආපදා කළමනාකරණ නිලධාරින්ගේ නිර්දේශ මත පමණක් ප්‍රතිලාභ අදාළ පාර්ශ්වයන්ට ලැබිය යුතු වුවත් සමහර අය දේශපාලනීකරණය වූ කමිටුවල නිර්දේශ ද සහන ලබා ගැනීමට අවශ්‍ය බවට කියන බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමාජ සේවා අමාත්‍යාංශය යටතේ සමාජ ප්‍රතිලාභ පනතක් ඇති බවත් කිසිම අයකුට ආකාර දෙකකට සැලකීම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් මේ ගැන ජනතාවට අවබෝධයක් නොමැති නිසා ඔවුන්ට ඒ දැනුම ලබා දීමට ද කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, කාවින්ද ජයවර්ධන මහතා, හර්ෂණ රාජකරුණා මහතා, ජේ. සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් එක් විය.

cfhe655

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආපදා ගැන විපක්ෂ නායක කාර්යාලයට කියන්න | The Leader