නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් ට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් ට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස් කරගෙන නැති අතර අධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත්තේ අදාළ චෝදනාව ට සම්බන්ධ විත්තිකරු අද (10) දින සිට තෙමසක් ඇතුළත අදාළ ගනුදෙනුවෙන් සිදු වූ පාඩුව වන රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසුහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත් දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් වන්දි වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැර කළ යුතු බවයි.
ඒ අනුව තෙමසක් ඇතුළත චුදිතයා අදාළ වන්දි මුදල මහ බැංකුවේ ගිණුමට බැර නොකළ හොත් දූෂණ විරෝධි පනතේ 67(5) වගන්ති ප්‍රකාරව නැවත අජිත් නිවාඩ් කබ්රාල්ට අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
මතු පළ වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි..




