The Leader News
BREAKING
Top Ad
පුවත්

රිමාන්ඩ් භාරයේදී ‘බිමට වැටී’ සිහිසුන් සහෝදරයා වෙනුවෙන් සහෝදරිය යුක්තිය ඉල්ලයි

T

The Leader Desk

December 11, 2025 • 3:43 AM

රිමාන්ඩ් භාරයේදී ‘බිමට වැටී’ සිහිසුන් සහෝදරයා වෙනුවෙන් සහෝදරිය යුක්තිය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාසයකට වැඩි කාලයක් සිහි මුර්ඡාවෙන් සිටින සිය සහෝදරයාට යුක්තිය ඉටු කරන ලෙස යුද පීඩිත වන්නියේ දෙමළ කාන්තාවක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
  • අධිකරණ නියෝගයෙන් සිරගත කොට දවසක් ගතවෙද්දී යාපනය බන්ධනාගාරයේ බලධාරීන් ඥාතීන්ට දන්වා ඇත්තේ වින්දිතයා ‘බිමට වැටීම’ නිසා රෝහල් ගත කරන ලද බවයි.
  • “අපි නොවැම්බර් 11 වැනිදා එයාව බලපු දවසේ ඉඳන් මාසයක් විතර කෝමා තත්වයේ ඉන්නවා.
  • පුදුකුඩිඉරිප්පුවලදී එයා අත්අඩංගුවට ගන්න කොට හොඳ සනීපෙන් හිටියේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාසයකට වැඩි කාලයක් සිහි මුර්ඡාවෙන් සිටින සිය සහෝදරයාට යුක්තිය ඉටු කරන ලෙස යුද පීඩිත වන්නියේ දෙමළ කාන්තාවක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි. අධිකරණ නියෝගයෙන් සිරගත කොට දවසක් ගතවෙද්දී යාපනය බන්ධනාගාරයේ බලධාරීන් ඥාතීන්ට දන්වා ඇත්තේ වින්දිතයා ‘බිමට වැටීම’ නිසා රෝහල් ගත කරන ලද බවයි.

දැනට කෝමා තත්වයෙන් පසුවන පුදුකුඩිඉරිප්පු පදිංචි  සිවරාමලිංගම් දර්ශන්ගේ සහෝදරිය 2025 දෙසැම්බර් 07 වැනිදා යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කර තිබුනේ මේ වන විට  සිය සොහොයුරාගේ ජීවිතය ඉතාම අවිනිශ්චිත අතර බන්ධනාගාර නිලදාරීන් තමාට පහර දුන් බවට සිය සොයුරා නොවැම්බර් 08 වැනිදා තමන්ට දැනුම් දුන් බවයි.

“අපි නොවැම්බර් 11 වැනිදා එයාව බලපු දවසේ ඉඳන් මාසයක් විතර කෝමා තත්වයේ ඉන්නවා. ඒ නිසා, කෙනෙක්ව ICU එකේ කෝමා තත්වයේ තියාගන්න බෑ කියලා දොස්තරලා එයාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරා.  මොකද උනේ  කියලා අපි දන්නේ නැහැ. ප්‍රතිකාර ගැන ඔවුන්ට කිසිවක් කියන්න බැහැ කියලා කියන්නේ. එයාගේ ඔලුවේ සමහර ස්නායු මැරිලා, මොළයේ එක් කොටසක් විතරයි වැඩ කරන්නේ. එතන ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු. ඒත් ඒකට එයාට සිහිය තියෙන්න ඕනේ. එයාව බේරා ගන්න අමාරුයි. එයාව බේරා ගැනීම සියයට 95ක් අපහසුයි කියලා ඔවුන් කියනවා.”

අධිකරණයේ විභාග වු නඩුවකට පෙනී නොසිටීමේ චෝදනා මත නිකුත් කළ  වරෙන්තුවක් පදනම් කර ගනිමින් පොලීසිය විසින් 2025 නොවැම්බර් 6 වැනිදා සිය සොයුරා අත්අඩංගුවට ගන්නා මොහොතේත්, ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන මොහොතේත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වු බව තහවුරු  කරන සිවරාමලිංගම් දර්ශන්ගේ සහෝදරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුට අත්කර ඇති ඉරණම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙසයි.

“මේකට අපට යුක්තිය අවශ්‍යයි. පුදුකුඩිඉරිප්පුවලදී එයා අත්අඩංගුවට ගන්න කොට හොඳ සනීපෙන් හිටියේ. 7 වැනිදා හොදින් හිටපු කෙනෙක් කෝමා තත්වයේ ඉන්නවානම් මේකට යුක්තිය ඕන.”

නොවැම්බර් 6 වැනිදා පොලීසිය විසින් සිවරාමලිංගම් දර්ශන් අත්අඩංගුවට ගැනීමේ සිට ඔහු කෝමා තත්වයෙන් පසුවන බව තමා  දැනගත් නොවැම්බර් 11 දක්වා කාලය තුළ සිදුවු ක්‍රියාවලිය සිවරාමලිංගම් දර්ශන්ගේ සහෝදරිය මාධ්‍යවේදීන්ට විස්තර කළාය.  එහි සාරාංශය පහත පරිදි වේ.

නොවැම්බර් 06
අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පුදුකුඩිඉරිප්පු හි පදිංචි කරුවකු වු  සිවරාමලිංගම් දර්ශන් වරෙන්තුවක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම.

නොවැම්බර් 07
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  දින 11 ක් රිමාන්ඩ් භාරයට පත් කරන ලද  සිවරාමලිංගම් දර්ශන් යාපනය බන්ධනාගාරයේ රඳවා තැබීම.

නොවැම්බර් 08
දර්ශන් "බිමට වැටීමෙන්" පසු  රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර නිලධාරියකු ඔහුගේ  පවුලේ අයට දැනුම් දී ඇත. 

සවස දර්ශන් බැලීමට ඔහුගේ සහෝදරිය රෝහලට ගිය විට, ඔහුට මාංචු දමා ප්‍රතිකාර ලබාදෙන ආකාරය දැය දැක තිබේ. "ඒගොල්ලන් මට ගැහුවා" යැයි ඔහු පැවසූ බව දර්ශන්ගේ සහෝදරිය පවසයි. ඇය වැඩි දුරටත් සදහන් කරන්නේ බන්ධනාගාර නිලධාරීන් සිය සහෝදරයාට තවදුරටත් කතා කිරීමට ඉඩ ලබා නොදුන් බවයි.

නොවැම්බර් 09
දර්ශන්ගේ කතා විලාසය අසාමාන්‍ය වුවද, ඔහුගේ  හිස ස්කෑන් කිරීමන් පසු ඔහු  සාමාන්‍ය සෞඛ්‍ය තත්වයේ පසුවන බව පවසා එදින සවස ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

නොවැම්බර් 10
නොවැම්බර් 10 උදේ වරාමලිංගම් දර්ශන්ගේ පියා බන්ධනාගාරයට ගිය විට ඔහුට පුත්‍රයා හමුවීමට අවසර ලැබී නැත. සවස් වරුවේ බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ සිවරාමලිංගම් දර්ශන් නැවත රෝහලට ඇතුලත් කළ බවයි. ඇයගේ සොහොයුරිය රෝහලට ගියත් ඇයට එහිදී සොහොයුරා දැක ගැනීමට හැකිව නැත.  

නොවැම්බර් 11
උදේ බන්ධනාගාර නිලධාරියෙක් දර්ශන්ගේ පවුලේ අයට දැනුම් දී ඇත්තේ දර්ශනට හදිසියේම වලිප්පුවක් හැදීම නිසා නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඔහු  අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටයි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...