The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනියේ යුද පීඩිතයන්ගේ ස්මාරකය නැවතත් සුනුවිසුණු කරයි

T

The Leader Desk

December 11, 2025 • 5:20 AM

චෙම්මනියේ යුද පීඩිතයන්ගේ ස්මාරකය නැවතත් සුනුවිසුණු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ෂන්මුගනාදන් ප්‍රදීපන් දෙසැම්බර් 08 වැනිදා යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ චෙම්මනි සමූහ සුසානය සමීපයේ ඉදිකළ ‘නොනිමෙන ප්‍රදීපය’ ස්මාරකය කඩා බිද දැමුවන් කවුරුදැයි සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
  • ස්මාරකය පෙනෙන තෙක් මානයේ තිබෙන බිළිඳුන්ගේද ඇතුළු සිරුරු 240ක් පාදා ගැනීමෙන් අනතුරුව කැනීම් නවතා ඇති සුසාන භුමියේ පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේය.
  • දෙසැම්බර් 07 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් හෝ විසින් මෙම ස්මාරකය කඩා බිද දමන්නට ඇති බවට පළාත් බද වාර්තාකරුවෝ සැක කරති.
  • ස්මාරකයට හානි සිදු කර තිබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පෙන්වා දෙන්නේ එම හානිය සමාජ ඒකාබද්ධතාවයට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනය මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ෂන්මුගනාදන් ප්‍රදීපන් දෙසැම්බර් 08 වැනිදා යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ චෙම්මනි සමූහ සුසානය සමීපයේ ඉදිකළ ‘නොනිමෙන ප්‍රදීපය’ ස්මාරකය කඩා බිද දැමුවන් කවුරුදැයි සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ස්මාරකය පෙනෙන තෙක් මානයේ තිබෙන බිළිඳුන්ගේද ඇතුළු සිරුරු 240ක් පාදා ගැනීමෙන් අනතුරුව කැනීම් නවතා ඇති සුසාන භුමියේ පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේය.

දෙසැම්බර් 07 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් හෝ විසින් මෙම ස්මාරකය කඩා බිද දමන්නට ඇති බවට පළාත් බද වාර්තාකරුවෝ සැක කරති.

 

02 6

ස්මාරකයට හානි සිදු කර තිබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පෙන්වා දෙන්නේ එම හානිය සමාජ ඒකාබද්ධතාවයට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනි බවයි.

"බලපෑමට ලක් වූ ජනතාවගේ හැඟීම් සහ ඓතිහාසික මතකයන් පිළිබිඹු කරන වැදගත් සංකේතයක් වන මෙම ස්මාරකයට සිදු කර ඇති හානිය සමාජ ඒකාබද්ධතාවයට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනිය."

 

03 14
2025 ජුනි 23 වැනිදා සිට 26 වැනිදා තෙක් මෙරට නිල සංචාරයක නිතර වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යුක්තිය සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඇතුළු වගඋත්තරදායකත්වය සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චෙම්මනි සමූහ මිනීවලට නුදුරින් ‘ජනතා ක්‍රියාකාරිත්වයේ’ සංවිධානත්වයෙන් දල්වා තිබුනු  ‘නොනිමෙන ප්‍රදීපය’ විරෝධතා භුමියට පැමිණ යුද්ධයේදී මළවුන් වෙනුවෙන් පුෂ්පාණුස්මරනයක් ද සිදු කළේය.

චෙම්මනි සමූහ මිනීවල ආසන්නයේ ඉදිකර තිබූ ‘නොනිමෙන ප්‍රදීපය’ ස්මාරකය 2025 ඔක්තෝබර් 08 වැනි දින රාත්‍රියේදී ද  කඩාබිඳ දමා තිබුනි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...