The Leader News
BREAKING
Top Ad
පුවත්

කාලගුණ ආපදා අස්සේ පොලිස් කුඩුවේ මරණයක්

T

The Leader Desk

December 11, 2025 • 4:54 AM

කාලගුණ ආපදා අස්සේ පොලිස් කුඩුවේ මරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය ගිය තරුණයාගේ මව සදහන් කරන්නේ අත්අඩංගුවට ගත් දිනයේම පොලිස් නිලධාරීන් පහර දුන් බව සිය පුතු විසින් තමන්ට පැවසූ බවයි.
  • මඩකලපුව චින්නඋප්පෝඩෙයි පදිංචි කාරයකු වු විසි තුන් හැවිරිදි සිවනේසරාසා රිනෝසන් මඩකලපුව මුලස්ථාන පොලිස්ථානයේ නිලධාරීන් විසින් 2025 දෙසැම්බර් 2 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබු පා පැදියක් සෝරකම් කිරීමේ චෝදනාව මතයි.
  • ඔහු දෙසැම්බර් 3 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
  • සිවනේසරාසා රිනෝසන්ගේ ඥාතීන්ට පොලීසිය දෙසැම්බර් 7 වැනිදා දැනුම් දී ඇත්තේ ඔහු අයිස් මත් ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටියදී මියගිය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මිය ගිය තරුණයාගේ මව සදහන් කරන්නේ අත්අඩංගුවට ගත් දිනයේම පොලිස් නිලධාරීන් පහර දුන් බව සිය පුතු විසින් තමන්ට පැවසූ  බවයි.

මඩකලපුව චින්නඋප්පෝඩෙයි පදිංචි කාරයකු වු විසි තුන් හැවිරිදි  සිවනේසරාසා රිනෝසන් මඩකලපුව මුලස්ථාන පොලිස්ථානයේ නිලධාරීන් විසින් 2025 දෙසැම්බර් 2 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබු පා පැදියක් සෝරකම් කිරීමේ චෝදනාව මතයි.

ඔහු දෙසැම්බර් 3 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිවනේසරාසා රිනෝසන්ට හදිසියේ ඇතිවු අසනීප තත්වයක් හේතුවෙන්  දෙසැම්බර් 5 වැනිදා මඩකලපුව මහ රෝහලට ඇතුලත් කර ඇති බව පළාත් බද වාර්තාකරුවන් සදහන් කරයි.

සිවනේසරාසා රිනෝසන්ගේ ඥාතීන්ට පොලීසිය දෙසැම්බර් 7 වැනිදා දැනුම් දී ඇත්තේ ඔහු අයිස් මත් ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටියදී මියගිය බවයි.

 

මඩකලපුව මුලස්ථාන පොලීසිය ඉදිරිපිටට රැස්වු සිවනේසරාසා රිනෝසන්ගේ ඥාතීන් දෙසැම්බර් 7 වැනිදා පොලීසියට විරෝධය දක්වා තිබුනේ සිය දරුවාට පොලීසිය විසින් සිදු කළ පහර දීමෙන් මෙම මරණය සිදුව ඇති බවට චෝදනා කරමිනි.

 

මිය ගිය තරුණයාගේ මව සදහන් කරන්නේ  සිය පුතු අත්අඩංගුවට පත් වු දෙසැම්බර් 2 වැනිදා රාත්‍රියේ තමා  ඔහුට ආහාර රැගෙන පොලිස්ථානය වෙත ගිය  අතර පොලිස් නිලධාරීන් තමාට පහර දෙන බව ඔහු ඒ අවස්ථාවේ තමන්ට සැලකල සිටි බවයි.

“මගේ දරුවට යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. මොන හේතුවකට අත්අඩංගුවට ගත්තත් ගහන එක වැරදියි. මගේ දරුවාව මරා දාලා තියෙනවා. මම රෑ හතට එයාව බලන්න ගිහිං ඉට්ලි කන්න දුන්නා. ඒ වෙලාවේ එයා කිව්වා මට ගහනවා මාව එලියට ගන්න කියලා.”

සිවනේසරාසා රිනෝසන් අධිකරණයට ඉදිරිපත් කළ දෙසැම්බර් 3 වැනිදා  උදෑසන ඔහු සිහිසුන්ව සිටින ආකාරය දැකගත හැකි වු බවක් ඇය වැඩි දුරටත් සදහන් කර තිබේ.

“මම උදේ ගිහිං බලනකොට එයාට සිහි නැතිවෙලා. ඇඳුම් මාරු කරන්න මම තට්ටු කරලා බැලුවා. තට්ටු කරන්න එපා කියලා මට කිව්වා.”

අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වී තිබුනි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිසිය හෝ රිනොසන් අත් අඩංගුවේ දී මියයාම සම්බන්ධයෙන් මේතාක් නිල ප්‍රකාශයක් කර නැත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාලගුණ ආපදා අස්සේ පොලිස් කුඩුවේ මරණයක් | The Leader