The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රබල රටවල් මානව හිමිකම් රකිනවාද ප්‍රශ්නයක් !

T

The Leader Desk

December 11, 2025 • 5:46 AM

 ප්‍රබල රටවල් මානව හිමිකම් රකිනවාද ප්‍රශ්නයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ලෝකය ඉතා තදින් කතා කරන මානව හිමිකම් ගැන මුලින්ම කතා කළේ බුදුන් වහන්සේ බව ද වජිර අබේවර්ධන කියා සිටියි.
  • ඔහු මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් දින 77වෙනි සැමරුම් උත්සවය වෙනුවෙන් ඊයේ (10) කොළඹ බණ්ඩාරනායක, අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේ දී ය.
  • විතානගේ, එක්සත් ජන රජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු එම කවුන්සිලයේ නිලධාරීන් සහභාගී වී සිටියහ.
  • ''ජාත්‍යන්තර මානව හිමිකම් දින 77 වෙනි සැමරුම් උත්සවය අද අපි සමරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වත්මන් ලෝකය ඉතා තදින් කතා කරන මානව හිමිකම් ගැන මුලින්ම කතා කළේ බුදුන් වහන්සේ බව ද වජිර අබේවර්ධන කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් දින 77වෙනි සැමරුම් උත්සවය වෙනුවෙන් ඊයේ (10) කොළඹ බණ්ඩාරනායක, අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේ දී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම  මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන්  සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබූ අතර වජිර අබේවර්ධන එය සභාවට ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන උපදේශක වැල්ලම්පිටියේ සුමන ධම්ම නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචාර්ය, දේශමාන්‍ය, දේශබන්දු, කපිතාන් ජී.පී.කේ. විතානගේ, එක්සත් ජන රජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු එම කවුන්සිලයේ නිලධාරීන් සහභාගී වී සිටියහ.

එම උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...

WhatsApp Image 2025 12 11 at 6.51.28 AM

WhatsApp Image 2025 12 11 at 6.51.27 AM 1
''ජාත්‍යන්තර මානව හිමිකම් දින 77 වෙනි සැමරුම් උත්සවය අද අපි සමරනවා. මානව හිමිකම් පිළිබඳව අපි අදහන දහම අනුවනම් මුලින්ම කතා කළේ අපේ ශ්‍රාස්තෘ නායක බුදුරජාණන් වහන්සේ යි.

අපේ බුදු දහමේ තිබෙන පන්සිල් පද පහේ ඉතාම වැදගත් සිල් පදය තමයි ''පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි'', ඒ කියන්නේ පණ ඇති සතුන් මැරීමෙන් වැළකී සිටිමි යන්න යි.

මානව හිමිකම් රැකීම ලෝකයේ සිදුවෙනවා ද...?

දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීමත් සමග, එක පැත්තකින් ලෝකයේ ආර්ථික ශක්තිය ගෙන ඒම සඳහා, පසුකාලීනව ලෝක බැංකුවත්, වෙනත් ජාත්‍යන්තර අරමුදලුත්, ලෝකයේ වැටුණු රටවල් ගොඩනැගීම සඳහා මෙම ආයතන ජාත්‍යන්තර වශයෙන් බිහි වුණා. එලෙස බිහි වූ ආයතන අද ලෝකයේ බරපතළ තත්වයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය අනුව මානව හිමිකම් රැකීම ලෝකයේ සිදුවෙනවාද කියා ප්‍රශ්නාර්ථ ලකුණක් ලෝකය ඉදිරියේ තිබෙනවා. එවැනි යුගයකයි අපි මානව හිමිකම් සම්බන්ධයෙන් අද වැනි දිනෙක මේ සැමරීම සිදු කරන්නේ.

ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙනවා පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, යම් කාරණයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් දෙනතුරු අත් අඩංගුවේ තබා ගැනීම දඬුවමක් නොවන්නේය කියලා. මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් නොවෙයි, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් මේ වගන්තියම සඳහන් කරලා තිබෙනවා.

මූලික මිනිස් අයිතිවාසිකම් වෙනස් වෙමින් පවතිනවා

උදාහරණයක් විදියට ගත්තම ලංකාවේ 100ක් අත්අඩංගුවට ගත්තොත් දෙදෙනයි වැරදිකරුවන් වෙන්නේ. 98ක් නිදොස්කොට නිදොස්. එහෙනම් ඒ කියන්නෙ පවත්වන විමර්ශන, පවත්වන ක්‍රියාදාම තුළින් අපේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ඔබට පරීක්ෂා කර බලන්න පුළුවන්, 100ක් අත්අඩංඟුවට ගත්තම 57ක් හෝ 58ක් පමණ වැරදිකරුවන් වෙනවා. ජපානයේ 100ක් අත්අඩංගුවට ගත්තොත් 98ක් වැරදිකරුවන් වෙනවා. දෙන්නයි නිදහස් වෙලා යන්නෙ.

අපේ නීති රීති පද්ධතියේ විමර්ශන නිලධාරින් කියන්නෙ අපි හදලා දෙන නීතිය, අනුමත කරන ඒ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඒ වගේම විශේෂයෙන් අප කල්පනා කර බැලිය යුතුයි, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ඇති වූ මෙවැනි ආයතන අද ලෝකයට ගැළපෙනවා ද කියන එක. ඒ ඒ අයගේ ආර්ථික ශක්තිය අනුව මූලික අයිතිවාසිකම් ලෝකයෙත්, අපේ රටෙත්, සියලු තැන්වලත් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් ඒක බොහොම කණගාටුදායක තත්ත්වයක්. මෙවැනි තත්ත්වවලින් මිදීමට මේ ආයතනවල මේ කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම වැදගත් කියලා මේ අවස්ථාවෙ දී සිහිපත් කරන්න කැමතියි.

අපේ රටේ පවතින දුර්වලතා වෙනස්කරගත යුතු යි

ඒ නිසා මේ වෙලාවේ මේ කාරණය මම මතක් කළේ ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන පිරිස් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආගමික නායකයොත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ අත්අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම, විමර්ෂණයක් පවත්වා අවසන් වන තෙක් සිරභාරයේ තබා ගැනීම දඬුවමක් නොවන්නේය කියලා. මාස 3ක් තියාගත්තත්, මාස 6ක් තියා ගත්තත්, අවුරුදු 5ක් 25ක් තියාගත්තත්, අධිකරණ තීන්දුව ලැබෙන තුරු තියාගත්තත් අයිතිවාසිකම් කඩවීමක් නොවන්නේ ය.

එතකොට අපේ රටේ ඒ දුර්වලතාවය වෙනස්කරගත යුතුව තිබෙනවා. ඒ පිළිබඳ සියලු සංවිධානවල අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා.

 

President Ranil Wickremesinghe Pic PMD

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 77 වෙනි ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සුභාශිංසන පණිවිඩය

 

“දෙසැම්බර් 10 වැනිදා මුල්කර ගනිමින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම ලොව පුරා සිදුවේ. මානව හිමිකම් විෂය මේ වන විට අද්‍යතන සමාජයේ බහුලව සංවාදයට බඳුන් වන මාතෘකාවකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු වෙනුවෙන් වැල්ලම්පිටියේ සුමන ධම්ම නායක ස්වාමීන් වහන්සේ දක්වන දායකත්වය මෙහිලා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. නායක ස්වාමීන් වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.”

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...