හිටපු ඇමැති පාඨලී චම්පික රණවක පවසයි.
සමාජමාධ්‍ය විසින් ආණ්ඩු බිහිකළ බවත් ඒවා විසින්ම ආණ්ඩු පෙරලන බවත් පවසන ඔහු මේ ආණ්ඩුවටද එය අදාල යැයි පැවසීය.
ආණ්ඩුව දශලක්ෂයක් ස්වේච්ඡා තරුණ ඒකකයක් හදන්න යන බවත් එසේ කළයුතු නැති බවත්, ඉදිකිරීම් ක්ශේත්‍රෙය් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින අතර තවත් ලක්ෂයකට වඩා හමුදාවෙන් ඉවත්ව විශ්‍රාම ගොස් සිටින අතර ඔවුන් හරහා වැඩ ගත හැකියැයිද ඔහු කීය.
රට ගොඩ දැම්මොත් රටේම ජනතාව මාලිමාවට එනු ඇතැයිද ඔහු කීය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.




