එම නඩු තීන්දුවට අදාළව තමන් විසින් මීට පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නැවත කැඳවන ලෙස මෝසම ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදු වූ හානිය සඳහා රුපියල් බිලියන වන්දි මුදලක් ගෙවන ලෙස එම නැව් සමාගම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේ නිකුත් වසරේ ජූලි මස 04 වැනිදාය.
එම මුදල කොටස් වශයෙන් ගෙවන ලෙස ද වැඩිදුරටත් නියම කළ බව වැඩිදුරටත් සඳහන් විය.
එහෙත් මෙතෙක් එම මුදල වෙනුවට එක් පාර්ශවයක් විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් පමණක් කිරීමට කටයුතු කර ඇති බව ද එය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට පටහැනි කටයුතු කිරීමක් බවද මෝසම මගින් පෙන්වා දී තිබේ.
අදාල අධිකරණ නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව මෝසම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එබැවින් මේ පෙත්සම විභාගයට ගන්නා ලෙස ද වගඋත්තර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණ අපහාස චෝදනා ගොනුකොට ඒ සම්බන්ධ විභාගයක් පවත්වා සුදුසු දඩුවම් නියම කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටියි.
එසේම ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට අදාලව නීතිපතිවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද එමගින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
ඒ අනුව මෙකී නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සෙසු නියෝගය ලබා ගැනීම සඳහා එම පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නැවත කැඳවන ලෙස මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේම එම නියෝග අනුව කටයුතු කිරීම පැහැර හැර ඇති නැව් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දේපල තහනම් කරන නියෝගයක් ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.




