සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.
ඊට අමතරව වසර 2025 දෙවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 දෙවන කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 2,749,504 සිට රුපියල් මිලියන 2,883,559 දක්වා ඉහළ ගොස් තිබේ.
2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු සියල්ලම පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 සහ සියයට 3.9 කින් වැඩි වීමක් වාර්තා කර ඇත.
අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත.
තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන 'ඉදිකිරීම්' සහ 'පතල් හා කැණීම්' 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර තිබේ.
මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.
(සටහන | ජේ.මුණසිංහ)




