ඒ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ සමස්ත වෙඩිතැබීම් ගණන 96 දක්වා ඉහළ ගියේය.
ඉන් පුද්ගලයන් 50ක් ඝාතනය වී ඇති අතර, 53න් දෙනෙකු තුවාල ලබා ඇත.
ග්‍රැන්ඩ්පාස් වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට
ගත වූ පැය 12ක කාලයේ පළමු වෙඩිතැබීම ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ ග්‍රැන්ඩ්පාස් හිදී සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
එලෙස ඝතනය වූයේ හේෂාන් සලින්ද පුෂ්පකුමාර නම් 27 හැවිරිදි අදාළ තරුණයෙක්ය.
පොලීසිය සඳහන් කර සිටියේ, වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයට අදාළ පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබාදීගෙන්වා වෙඩිතැබීම සිදුකර ඇති බවය.
ඔහු පෙරවැරදි කිසිවක් නොමැති අයෙක් බවද පොලීසිය සඳහන් කළේය.
පංචිකාවත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමක්
ඉන් අනතුරුව අලුයම 1.40ට පමණ මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා විය.
එයද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
එලෙස තුවාල ලැබූ පුද්ගලයා සෙන්දිල් මෝහන් නම් 44 හැවිරිදි පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
ඔහු පංචිකාවත්ත නෙවිල් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර, වෙඩිතැබීම කෙසෙල්වත්ත කවී නම් සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවය විසින් මෙහෙයවා ඇති බව පොලීසිය සැකකරයි.
මීගමුවේ වෙඩිතැබීමක්..
මේ අතර තවත් වෙඩිතැබීමක් මීගමුව කුට්ටිදූව ප්‍රදේශයෙන් වාර්තා විය.
නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද අලුයම 1.30ට පමණ එම වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබුණි.
පොලීසිය පැවසුවේ මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල කර පලාගොස් ඇති බවය.
ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
පානදුර අලුබෝමුල්ල වෙඩිල්ලේ ඉලක්කය කාන්තාවක්...!
අද පෙරවරුවේ සිදු වූ අනෙක් වෙඩිතැබීම අලුබෝමුල්ල, සඳගලවත්ත ප්‍රදේශයේ සිදුවිය.
වෙළෙඳසැලක් හිමි කාන්තාවක් ඉලක්ක කර අද උදෑසන 9.45ට පමණ එම වෙඩිතැබීමක් සිදුවිය.
ඉන් ඇයට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, වෙඩිතැබීමට හේතුව ද අනාවරණ වී නොමැත.
| adaderana
වෙඩිතැබීම් හා මිනීමැරුම් තවදුරටත් : 2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් - මරණ 50යි තුවාල 53යි
T
The Leader Desk
September 6, 2025 • 9:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ සමස්ත වෙඩිතැබීම් ගණන 96 දක්වා ඉහළ ගියේය.
- ඉන් පුද්ගලයන් 50ක් ඝාතනය වී ඇති අතර, 53න් දෙනෙකු තුවාල ලබා ඇත.
- ග්‍රැන්ඩ්පාස් වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට ගත වූ පැය 12ක කාලයේ පළමු වෙඩිතැබීම ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ ග්‍රැන්ඩ්පාස් හිදී සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
- එලෙස ඝතනය වූයේ හේෂාන් සලින්ද පුෂ්පකුමාර නම් 27 හැවිරිදි අදාළ තරුණයෙක්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



