The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
පුවත්

ඊ-පාස්පෝට් ප්‍රොජෙක්ට් එක නැවතිලා නෑ: 'සමාජ මාධ්‍ය කැළඹූ' ටෙන්ඩර් අවලංගුවේ සැබෑ තත්ත්වය!

T

The Leader Desk

May 31, 2026 • 6:06 AM

ඊ-පාස්පෝට් ප්‍රොජෙක්ට් එක නැවතිලා නෑ: 'සමාජ මාධ්‍ය කැළඹූ' ටෙන්ඩර් අවලංගුවේ සැබෑ තත්ත්වය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබෑ කරුණු විමසා බැලීමේදී (Fact-Check), රජය විසින් අවලංගු කර ඇත්තේ සමස්ත ඊ-පාස්පෝට් ව්‍යාපෘතිය නොවන අතර, ඊට අදාළ එක් තාක්ෂණික පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ නිශ්චිත ටෙන්ඩරයක් (DIE/PRO/PKI/2025) පමණි.
  • ඒ සඳහා ලංසු කැඳවීම (Invitation for Bids) සිදුකර ඇත්තේ වත්මන් රජය යටතේ, එනම් 2025 අප්‍රේල් මාසයේදීය.
  • ඒ අනුව, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම වෙනුවෙන් සහ ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සිදුකළ දීර්ඝ සමාලෝචනයකින් පසුව, අමාත්‍ය මණ්ඩලය විසින් මෙම නිශ්චිත ටෙන්ඩරය පමණක් අවලංගු කිරීමට තීරණය කර ඇති බව 'Debunk' ෆේස්බුක් පිටුවේ විමර්ශකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


සැබෑ කරුණු විමසා බැලීමේදී (Fact-Check), රජය විසින් අවලංගු කර ඇත්තේ සමස්ත ඊ-පාස්පෝට් ව්‍යාපෘතිය නොවන අතර, ඊට අදාළ එක් තාක්ෂණික පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ නිශ්චිත ටෙන්ඩරයක් (DIE/PRO/PKI/2025) පමණි.

එමෙන්ම, මෙම ටෙන්ඩරය පසුගිය රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේ දුන් එකක් නොවේ. ඒ සඳහා ලංසු කැඳවීම (Invitation for Bids) සිදුකර ඇත්තේ වත්මන් රජය යටතේ, එනම් 2025 අප්‍රේල් මාසයේදීය.

අවලංගු කිරීමට හේතුව:

අදාළ ටෙන්ඩරයට (Procurement of Issuance System and Relevant Public Key Infrastructure Components) ඉදිරිපත් වූ ලංසුකරුවන් සිව්දෙනෙකු විසින් මෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තත්ත්වයන් පෙන්වා දෙමින් 2026 ජනවාරි මාසයේදී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට (Procurement Appeal Board) නිල වශයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව ජාත්‍යන්තර මට්ටමින් ද මේ සම්බන්ධයෙන් විරෝධතා සහ පැමිණිලි එල්ල වී තිබේ.

 

ඒ අනුව, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම වෙනුවෙන් සහ ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සිදුකළ දීර්ඝ සමාලෝචනයකින් පසුව, අමාත්‍ය මණ්ඩලය විසින් මෙම නිශ්චිත ටෙන්ඩරය පමණක් අවලංගු කිරීමට තීරණය කර ඇති බව 'Debunk' ෆේස්බුක් පිටුවේ විමර්ශකයෝ පෙන්වා දෙති.

 

මෙම ටෙන්ඩරය මඟින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) මාර්ගෝපදේශවලට අනුව ඊ-පාස්පෝට් නිකුත් කිරීමට අවශ්‍ය සේවාදායක (Servers), ආරක්ෂිත මෘදුකාංග පද්ධති සහ දත්ත කළමනාකරණ පද්ධති මිලදී ගැනීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඊ-පාස්පෝට් පත්‍රිකා (Passport stock) වෙනත් වෙනම කොන්ත්‍රාත්තුවක් යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ලබා ගනිමින් පවතී.

මුලාශ්‍රය :
'Debunk' ෆේස්බුක් පිටුවෙන්...

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...